Listen

Description

ලංකාවට යුක්රේන් සංචාරකයෝ ගෙන්වාගෙන සංචාරක කර්මාන්තය “නගා සිටුවන්න” ව්‍යාපෘතියක් පටන් අරන් තියනවා. මේක පිටුපස ඉන්නේ මිග් යානා ගනුදෙනුවේ චෝදනා ලබපු, පසුගිය දවසක නඩුවෙන් නිදහස් වුන, හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග. ලංකාවේ මිනිස්සු මැදපෙරදිග හිර වෙලා ඉන්න වෙලාවක සංචාරකයන් රටට ගෙන්වන්න අවධානය දෙන එක කොච්චර සාධාරණ ද?

උදයංග - https://www.facebook.com/Udayanga222/posts/450738079260746

සංචාරකයින් - https://www.newsfirst.lk/2021/01/02/215-ukrainian-tourists-to-arrive-today-02/

විදෙස් ශ්‍රමිකයින් - https://www.newsfirst.lk/2020/12/31/sl-exapts-claim-unjust-treatment-in-repatriation/

රුසියානු ඔලිගාක්ස් - https://www.abc.net.au/news/2019-01-02/rich-russians-the-rise-of-the-oligarchs/10626236

Value added services හරහා මිනිසුන්ගේ මුදල් අසාධාරණ ලෙස අය කරගැනීමක් ගැන සමාජයේ කතාබහක් ඇති වුනා. නාගානන්ද කොඩිතුවක්කු නීතිඥවරයා මේ ගැන අධිකරණයට යන්න තීරණය කරනවාත් එක්කම TRCSL මේ සේවාවලින් ඉවත් වෙන්න නිසි ක්‍රියා පටිපාටියක් හදන්න කියල දුරකතන සේවා ආයතන වලට දැනුම් දෙනවා. ඔබේ සේවා සපයන්නාත් මෙහෙම මුදල් අයකරන බවට සාක්ෂි තියනවා නම් ඒවා නාගානන්ද කොඩිතුවක්කුගේ ෆේස් බුක් පිටුවට යවන්න (පෞද්ගලික තොරතුරු ලබා දීමෙන් හැකි තරම් වැලකෙන්න). නැත්නම් තමාගේ සේවා සපයන්නා අමතා මෙම Value added services වලින් ඉවත් වෙන්න. ඒ ගැන TRCSL එකට සහ තාක්ෂණ අමාත්‍යවරයා වෙන ජනාධිපතිට පැමිණිලි කරන්න.

ජනාධිපති - https://www.president.gov.lk/

TRCSL - http://www.trc.gov.lk/contact-us.html

නාගානන්දගේ සටහන - https://www.facebook.com/naganandakodi/posts/2825601424349499

TRCSL සටහන - http://www.newswire.lk/2020/12/31/value-added-services-subscriptions-notice-from-trc/