ලංකාව ට ආයෙත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියනවා. මානව හිමිකම් කොමිසම ලංකාවට කරපු නිඑර්දේශ වල ප්‍රගතිය ගැන වාර්තාවක් 46 වෙනි මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වෙනවා. මේ වාර්තාවේ ලීක් වුන මුල්පිටපත ගැන අපි සාකච්ඡා කරනවා. මේ වාර්තාවෙන් ලංකාවේ මානව හිමිකම් ගැටළු 6ක් ගැන කතා කරනවා. එහෙම නම් ඇයි අපි ඉස්ලාම් බක්තිකයින් ආදාහනය කිරීම ගැන විතරක් අවදානය යොමු කරන්නේ?
ලංකාව ගැන වාර්තාව- https://www.justsecurity.org/wp-content/uploads/2021/01/Sri-Lanka-OHCHR-Report-12-Jan-2021.pdf
මේ වගේ විදේශ ගැටළු වලට මුහුණ දෙන්න අපට හොඳ විදේශ සබඳතා තියෙන්න ඔ්නෙ. මේකට හොඳම උදාහරණය තමයි ඉම්රාන් ඛාන් ලංකාව වෙනුවෙන් කතා කිරීම. ලංකාවේ තානාපති සේවය ගැනත් අපිට මේ දේ කියන්න පුළුවන් ද? දේශපාලනික මිතුරන් කතාපති සේවයට යවල අපිට හොඳ විදේශ සබඳතා හදා ගන්න පුළුවන්ද?