Listen

Description

2017 අවුරුද්දේ ගුරුවරයෙක් ළමයෙකුට පහර දීම නිසා ඒ ළමයා ජීවිත කාලයට ම බිහිරි වෙනවා. ඒ ගැන දාපු මානව අයිතිවාසිකම් නඩුවෙන් ගුරුවරයා වැරදි කරු වෙනවා. ඒ ගුරුවරයාට ලක්ෂ 1.5 වන්දියක් ගෙවන්න වෙනවා. සමහරු කියන දෙයක් තමයි ගහන්නේ හොඳ අරමුණකින් නිසා දඬුවම් දීමේ වරදක් නැහැ කියල. නමුත් පර්යේෂණ වලින් සොයා ගෙන තියනවා ළමයින්ට ගැසීමෙන් වෙන්නේ ළමයි තවත් දරුණු වීමත්, දඬුවමට බය වීමත් මිස වැරදි කරන්න බය වීම නොවන බව. ඉතින් එහෙම නම් ගුරුවරුන්ට අයිතියක් තියනවාද ළමයින්ට ගහන්න?

මාර්ග අනතුරු වාර්තාව - https://srilankamirror.com/news/6874-a-road-accident-every-10-minutes

ළමයින්ට ගැසීම ගැන ලියන පර්යේෂණයක් - https://www.tandfonline.com/doi/full/10.1080/23311886.2018.1536316

ජනාධිපතිවරයා මෑතක දී තිබුණු කතාබහකදි පොඩි කතාවක් කරනවා. මේ කතාවෙන් ඔහුගේ පරිසර දැක්ම ගැන අපට ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. නමුත් ඔහු දකින පරිසර දැක්ම හරි ද? ඒ පරිසර දැක්ම ගම සමඟ පිළිසඳරෙන් කරන්න පුළුවන් ද?

ජනාධිපතිවරයාගේ කතාවෙන් කොටසක් - https://www.youtube.com/watch?v=EmL9G3Paep8&feature=emb_title