අළුත් මැකෝ නිමල් පුංචිහේවා ඉල්ලීමක් කරනවා ඡන්ද අපේක්ෂකයන්ගේ ආදායම් වියදම් වාර්තා මැතිවරණ කොමිසමට ලබා දීම අනිවාර්ය කරන වගන්තියක් අළුත් ව්‍යවස්ථාවට එක් කරන්න කියල. රටක ප්‍රජාතන්ත්‍රවාදය වැඩ කරන්න තියන ලොකුම බාධාවක් තමයි දේශපාලනයත් එක්ක ගෑවෙන මුදල්. මේක අපි සීනි බදු වංචාවෙන්, ටයිල් වංචාවෙන්, මහ බැංකු බැදුම් කර වංචාවෙන් හොඳටම අත්විඳිනවා. මේකට ලේසිම පිලියම වෙන්නේ අපේක්ෂකයන්ට මුදල් දෙන්නේ කවුද කියන එක ප්‍රසිද්ධ කිරීම. ඉතින් ඒ නිසා මැකෝ ගේ මේ ඉල්ලීම නිවැරදි මාවතක ආරම්භයක් කියල තමයි අපි දකින්නේ.
පුටින් ට ලංකාවේ අසාමන්‍ය ආරක්ශනයක් තියනවා. වර්තමාන ජනාධිපතිවරයාව පුටින් කෙනෙක් ට සමාන කරල මාකට් කලේත් ඒ ආක්ර්ශනය නිසා තමයි. ඇත්තටම පුටින් වගේ පුද්ගලයෙක් යටතේ ජීවිතය මොන වගේද? ජනාධිපතිට ඡන්දය දීපු මිනිස්සුන්ගේ ප්‍රර්තනාව අද ඉශ්ට වෙලා නැද්ද?
ඇලෙක්සි නවානි - https://www.smh.com.au/world/europe/alexei-navalny-moved-probably-to-prison-camp-says-lawyer-20210226-p57609.html
පුටින්ගේ අළුත් ගෙදර - https://youtu.be/CbHYFSZqvPE
රැසියාවේ ආදායම් බෙදී යාමේ විෂමතාවය - https://wid.world/country/russian-federation/