Listen

Description

පොලිස් නිලධාරියෙක් කරපු අපරාධයක් මුල් කරගෙන මාධ්‍ය හැසිරෙන ආකාරය ගැන සමාජයේ කතාබහක් ඇති වෙලා තියනවා. මේ සිද්ධිය මුල් කරගෙන සමහර මාධ්‍ය නාලිකා වෘත්ත්තීය ආචාර ධර්ම සම්පූර්ණයෙන්ම අමතක කරල තියනවා. මේ හැසිරීම නිසා වෙන්නේ ප්‍රසිද්ධ මාධය වල ජනප්‍රියතාවය අඩු වෙලා, මිනිස්සු තොරතුරු ලබා ගන්න සමාජ මාධ්‍ය වලට හැරෙන එක. මේක මිනිස්සුන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සහ තොරතුරු වල ගුණාත්මක බවට හොඳ දෙයක් නෙවෙයි. එහෙම නම් ප්‍රසිද්ධ මාධ්‍ය කරන්න ඔ්නෙ මොකද්ද?

07/03/2021 ලංකාවේ කළු ඉරිදා දිනය සමරනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන එන්නයි රජයට බලපෑම් කිරීම. අපරාධකරුවන් නීතිය ඉදිරියට ගේන්න නම් ඒ වගකීම ජනාධිපති කොමිසමකට දීල හරියනවද? ඇයි දේශපාලන යාන්ත්‍රනය මේ ගැටළුව විසඳන්න පොලීසියට බාධා කරන්නේ?

මූලාශ්‍ර

පාස්කු ප්‍රහාරය - https://en.wikipedia.org/wiki/2019_Sri_Lanka_Easter_bombings

කළු ඉරිදා - https://divaina.com/daily/index.php/puwath-2/55249-2021-03-02-12-47-34