Listen

Description

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ කරපු කතාවක් එක්ක රාජ්‍ය ආයතන වල ක්‍රියාකාරීත්වය ගැන කතා බහක් ඇති වෙනවා. ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂකවරියගේ හැසිරීමෙන් මේ ප්‍රශ්නය තවත් උත්සන්න වෙනවා. ස්වාධීන රාජ්‍ය ආයතනවලට යම් මට්ටමක ස්වාධීන භාවයක් අවශ්‍ය වෙන්නේ දේශපාලන බලයක් තියන ව්‍යාපාර, නිලධාරීන් නීති කඩ කරන කොට ඊට විරුද්ධව කටයුතු කරන්න. නමුත් අද වැදගත් රාජ්‍ය ආයතනවල ප්‍රධාන තනතුරුවලට පත් වෙලා ඉන්න නිලධාරීන් තමන්ගේ තනතුරේ, ආයතනයේ වටිනාකම දේශපාලනඥයන් වෙනුවෙන් පවා දෙනවා. අද කතාව ඒ ගැන.