රෝමේ ගිණි ගන්නකොට නීරෝ වීණාවාදනය කලා වගේ, අපේ රජය අළුත් කෝවිඩ් රැල්ල නොසලකා හැරල තියනවා. ඒ වෙනුවට එයාල ඇඳවල් හඳනවා. ඩිලීට්ගේ ජිම් කට්ටල ගමට බෙදා දෙන්න යනවා. කොවිඩ් වල දරැණු බව නොසලකා හැරීමේ විපාක අද ස්වීඩනයට විඳින්න සිද්ධ වෙලා තියනවා. ලංකාවත් හෙමින් හෙමින් ඒ තැනට ලඟා වෙනවා. දැන් හරිනම් රජය එයාලගේ මාන්නය පැත්තකින් තියල මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් මීට වැඩිය ක්‍රියාකාරී සැලැස්මක් ආර්ම්භ කරන්න ඔ්නෙ. ඉතින් මේ රැල්ල හරියට නවත්තගත්තොත්, කිංස්ලිල, සුදේව ල නෙවෙයි, spin doctors ල 100 ක් දාලා ගන්න ඡන්ද වලට වැඩි ගාණක් සමහරක් විට රජයට ගන්න පුළුවන් වෙයි.
ඊයේ දිනයේ පලස්තීන ඊශ්‍රායල ගැටළු තවත් උත්සන්න වෙනවා. එයින් ලමයි 9 ක් ඇතුළු පලස්තීන ජාතිකයින් 20 ක් මිය යනවා. ඉතින් මේ නිසාම අපි ඊශ්‍රායලය ගැන කතා කරන්න හිතුවා. ලංකාවේ සාමාන්‍ය ජනතාවට ඊශ්‍රායලය එක්ක තියෙන්නේ අමුතු බැඳීමක්. පැති දෙකේම ඉන්න ලාංකිකයෝ විවිධ හේතු මත ඊශ්‍රායලයට ගෞරව කරනවා. නමුත් ඇත්ත ඊශ්‍රායලය සමාජ මාධ්‍ය වල යන පෝස්ට් වලින් පෙන්නුම් කරනවද?