ග්‍රීක ශිෂ්ටාචාරය කියන්නේ ලෝකයට නිර්මාණ විශාල ප්‍රමාණයක් දායාද කරපු ශිෂ්ටාචාරයක්. හැබැයි අද, ඔලිම්පික්, නාට්‍ය කලාව, සාහිත්‍ය, දර්ශනයට වඩා ග්‍රීසිය කිව්වහම මතක් වෙන්නේ ආර්ථිකමය අතින් සම්පූර්ණයෙන්ම විනාශ වුන රටක්. වැරදි මුදල් පරිපාලනය නිසා, අධික විදිහට ණය ගැනීම නිසා ග්‍රීසිය අවුරුදු 10 ක ආර්ථික අවපාතයකට යනවා. මේකෙන් අපි පාඩමක් ඉගෙන ගෙන තියනවද?
· ග්‍රීසියේ කඩාවැටීම - https://www.investopedia.com/articles/investing/070115/understanding-downfall-greeces-economy.asp
1973 ස්ටොක්හෝල්ම් වල බැංකු මංකොල්ලයක් වෙනවා. මේකෙදි බැංකු සේවකයෝ හතර දෙනෙක් ව කප්පම් කාරයා විසින් ප්‍රාණ ඇපකරුවෝ හැටියට තබා ගන්නවා. මේ ප්‍රශ්නය දින 6 ක් ඇදෙනවා. මේ දින 6 ඇතුළත, ප්‍රාණ ඇපකරුවෝ තුල තමන්ගේ කප්පම් කාරයා කෙරෙහි ගෞරවයක්, අනුකම්පාවක් ඇති වෙනවා. මේකට ස්ටොක්හෝල්ම් සින්ඩ්‍රෝම් කියල කියනවා. සමහර පර්යේෂකයෝ කියනවා මේක ගෘහස්ත හිංසනයට ලක් වුන අය අතරේ සහ දේශපාලන තලයේ දකින්න තියනවා කියල. ලංකාවටත් මේ කතාව අයිති ද?
· ස්ටොක්හේාල්ම් මංකොල්ලය - https://youtu.be/g_yiQBe8yiQ