Listen

Description

ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය අත්‍යාවශ්‍ය සමාජ කාරණාවක් වෙනකොට ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ තියන දුර්වලකම් තවදුරටත් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ඩේටා සඳහා යන අධික වියදමට, සිග්නල් නැති එකට, තාක්ෂණික පහසුකම් නැති එකට විසඳුම වෙලා තියෙන්නේ ඒවා ෆොටෝ ගහල අන්තර්ජාලයට දාන එක. මේ පෝස්ට් වල දුරකතන සේවා නියාමන කොමිසම් සභාව දෙන පැලැස්තර විසඳුම් ඇත්තටම ප්‍රමාණවත් නැහැ. මේකට ජාතික ප්‍රතිපත්තියක් හදන්නේ කොහොමද? 

දැන් 20 ගණන්වල ඉන්න පරම්පරාව ඉස්සර අසාවෙන් බලපු කතාවක් තමයි සෙල්ලම් ගෙදර කියන්නේ. සෙල්ලම් ගෙදර කියනකොට අපට මතක් වෙන්නේ, ඒකත් එක්ක අපි මතක් කරගන්නේ ප්‍රශ්න අඩු සරල අතීතයක්. ඒ අතීතයේ අපි ණය බර ගැන, රස්සාවක් ගැන, හෙට මැරෙයිද කියන එක ගැන කරදර වුනේ නැහැ. මේකට අපි කියනවා nostalgia (අතීතකාමය??) කියල. මේකෙ විශේෂ ලක්ෂණයක් තමයි අපි මේ අතීතය පට්ට ලස්සන දෙයක් හැටියට මවා ගැනීම. අපි සෙල්ලම් ගෙදර බලන දවස් වල රටට සුනාමියක් ආවා. යුද්ධයක් තිබ්බා. නමුත් ඒ අතීතය තාම අපිට සුන්දරයි. මේ අතීතකාමය රනිල්ට උදව් වුන්නේ කොහොමද?