Listen

Description

2021/04/05 ට 1971 කැරැල්ලට වසර 50 ක් වෙනවා. ඒ නිසා අපි හිතුවා මේ පුහාරයේ ඉතිහාසය, පසුබිම සහ එයින් ගත හැකි පාඩම් ගැන සලකා බලන්න. 71 සහ 88-89 කැරලි කියන්නේ ලංකාවේ අඳුරුම යුගයක්. මෙයින් ජීවිත 70000 ක් විතර අහිමි වෙනවා කියල අනුමාන කරනවා. මේ සංහාරයට ජවිපෙත්, සිරිමාවෝ රජයත්, ජේ ආර් - ප්‍රේමදාස රජයනුත් වගකිව යුතුයි. ශ්‍රීලනිපය සහ යූඑන්පී එක කෙසේ වෙතත් ලංකාවේ දැනට තියන එකම දූෂණ චෝදනා නැති දේශපාලන ව්‍යාපාරය විදිහට (89 න් පස්සේ), ජවිපෙට හැකියාවක් තියනවා තුන් වැනි පක්ෂයෙන් එහාට ගිය දේශපාලන වගකීමක් ගන්න පුළුවන්. හැබැයි එතනට යන්න නම්, මේ රටේ අනාගත පරපුරට, තව අවුරුදු 10 කින් 20 කින් රටේ රාජ්‍ය නායකයා තීරණය කරන පරපුරට දැනෙන්න ඔ්නෙ 71 සහ 88 කැරලි වල තමන්ගේ වගකීම ගැන ජවිපෙට සාධාරණ විවේචනයක් තියන බව. එදාට මීට වැඩිය ශක්තිමත් ව්‍යාපාරයක් වෙන්න ඔවුන්ට පුළුවන් වෙයි.

· සිදුවීමේ ඉතිහාසය - https://asiafoundation.org/wp-content/uploads/2017/10/SriLanka-StateofConflictandViolence.pdf

· වාමාංශික කැරැල්ලේ ඉතිහාසය - https://journals-sagepub-com.ezproxy.lib.rmit.edu.au/doi/pdf/10.1177/0010414020938096