පෙබරවාරි 6 වෙනිදා google.lk සහoracle.lk ඇතුළු .lk domain තිබෙන පේජ් ගණනාවක්ම හැක් වෙනවා. මේකෙන් ඉස්මත් වෙන්නේ ලංකාවේ සයිබර් සෙකියුරිටි වලට දීල තියෙන තැන. TRCSL සිට Telecom එක දක්වාම ලංකාවේ සයිබර් සෙකියුරිටි ඉතිහාසය එතරම් සුභවාදී එකක් නෙවෙයි. අපි ට දැන් සයිබර් සෙකියුරිටි ප්‍රමිතිගතකරණයේ අවශ්‍යතාවය මතු වෙලා තියනවා.
සිදුවීම වාර්තා කල ලිපිය- https://www.zdnet.com/article/hacktivists-deface-multiple-sri-lankan-domains-including-google-lk/
ලොගින් ගැන වාර්තාව - https://twitter.com/aselawaid/status/1359089894203785217
IT සමාගමක් පිලියෙල කල වාර්තාව - https://twitter.com/CswWorks/status/1359836705927409671
දේශපාලන පලිගැනීම් පිලිබඳ ජනාධිපති කොමිසම තමන්ගේ අවසන් වාර්තාව ජනාධිපතිට බාර දුන්නත් එය පාර්ලිමේන්තුවට ඉදිරි පත් කරල නැහැ. මේ කොමිසම උදයංග වීරතුංග වැනි චූදිතයන් ව නිදොස් කොට නිදහස් කරන අතරෙම බුද්ධි අංශ නිලධාරීන්, හමුදා නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ට විරුද්ධව නඩු දානවා. මේක කොච්චර සාධාරණ ද?