Text by Takeshi Nemoto(2021/04/03) Translation and Narration by Manosha Rajapaksha(2021/04/25)
ජපන් රජය විසින් අඩු ආදායම්ලාභී පවුල්වල එක් දරුවෙකුට යෙන් 50,000 බැගින් ලබා දීමට තීරණය කර ඇත. පළමුවෙන්ම මෙම දීමනාව තනි මව සමග හෝ තනි පියා සමග පමණක් සිටින පවුල් සඳහා වූ දීමනාවක් වූ අතර, දීර්ඝ කාලීනව නව කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ ජපන් රජය මෙවැනි වූ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමට තීරණය කර ඇත.
මෙම දීමනාව සඳහා සුදුසුකම් ලබන්නේ,
1.දරුවන් ඇති දැඩි කිරීමේ දීමනාව ලබමින් සිටින පවුල්
2.අඩු ආදායම් ලාභී පවුල්
3.සීඝ්‍රයෙන් ආදායම අඩු වූ පවුල් වන අතර , මුළු දීමනාව එක් ළමයෙකුට යෙන් 50,000 බැගින් වේ.
දරුවන් ඇති දැඩි කිරීමේ දීමනාව ලබමින් සිටින පවුල් මේ සඳහා අයදුම් කිරීමකින් තොරවම දීමනාව ලබා ගත හැකිය.
මැයි මාසයේ සිට මෙම දීමනාව ලබා දෙනු ලැබේ.
දරුවන් ඇති දැඩි කිරීමේ දීමනාව බැංකු ගිණුම්වලට බැර කරන ආකාරයටම මෙම දීමනාව ද බැංකු ගිණුම්වලට බැර කරනු ලැබේ.
තවද, අඩු ආදායම් ලාභී පවුල් සහ සීඝ්‍රයෙන් ආදායම අඩු වූ පවුල් මෙම දීමනාව සඳහා අයදුම් කිරීම අත්‍යවශ්‍ය වේ.
ඔබේ නගරයේ දී මේ සඳහා අයදුම් කිරීමට හැකියාව ඇත.
වැඩිදුර විස්තර සහ දීමනාව ලබා ගත හැකි දින පිළිබඳව මෙතෙක් ජපන් රජය දැනුවත් කිරීමක් සිදුකර නොමැත.
“දරුවන් සිටින පවුල්වලට සහාය දක්වන විශේෂ අරමුදල “ වශයෙන් මෙම දීමනාව නම්කර ඇත.
Source:
厚生労働省「低所得の子育て世帯に対する子育て世帯生活支援特別給付金(仮称)」