Listen

Description

රැකියාවේ දී මානසික යහපැවැත්ම පවත්වා ගත යුත්තේ කෙසේද ? ( How to Develop Mental Wellbeing at workplace )

අද ලෝකය ඉතා තරඟකාරී තත්වයකට පත්වී ඇත. එය දිනෙන් දින ඇතිවන ආර්ථිකමය, සමාජීය හා දේශපාලනික වශයෙන් වෙනස්වීම් වලට ලක්වෙමින් පවතී. 

මෙය ඍජු හෝ වක්‍ර ලෙස අප සැමට බලපානු ඇති. 

මෙවැනි තත්වයක අප කෙසේද මෙවැනි වෙනස්වීම්වලට මුහුණ දිය යුත්තේ? අපගේ එදිනෙදා කටයුතු සාර්ථකව කරගෙන යාමට අපගේ මානසිකත්වය කෙසේද සූදානම් කළ යුත්තේ? 

යම් කිසි පුද්ගලයෙකුට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට ප්‍රධාන සාධක තුනක් තිබේ. එනම් ශාරීරික යහපැවැත්ම - physical wellbeing, සාමාජීය යහපැවැත්ම - social wellbeing  , මානසික යහපැවැත්ම - mental wellbeing. 

• අපගේ එදිනෙදා ජීවිතය තුළදී අපට ඇතිවන අභියෝගවලට අපි විසින්ම විසදුම් සොයාගෙන, ඒවාට සාර්ථකව මුහුණ දෙමින් , ඵලදායී ලෙස කටයුතු කරමින්, එසේ කටයුතු කිරීමේදී, සමාජයට බලපෑමක් ඇති කරන්නේ නම් එම බලපෑම යහපත් බලපෑමක් වන ලෙසට, සතුටින් ජිවත් වීමත් යන කරුණු සියල්ල, මානසික යහපැවැත්ම වේ.

• අප මේ ගත කරන වර්ථමාන ජීවිතය ඉතා කටුකය. මෙය මිනිසුන් විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටින කාල වකවානුවකි. අපගේ වෘත්තිමය ජීවිතය තුළ, විශාල වශයෙන්  අභියෝගවලට මුහුණ දීමට සිදුවී ඇත. එම නිසා අපගේ ඵලදායීතාව හා කාර්යක්ෂමතාව දැඩි ලෙස අභියෝගයට ලක්වී ඇත. මෙය අපගේ මූල්‍යමය ස්ථාවරයට බලපාන අතර එමගින් අපගේ පෞද්ගලික ජීවිතයටද දැඩි බලපෑම් එල්ලවිය හැක.   

ජීවනී වීරසේකර මහත්මිය (මනෝ උපදේශිකා ශ්‍රි ලංකා ජාතික  උපදේශකයන්ගේ සංගමය , උප සභාපති-ශ්‍රී ලංකා EMDR සංගමය.) පෙන්වා දෙන්නේ, අපගේ මානසික යහපැවැත්ම මගින් ඉහත පෙන්වා දුන් අභියෝගවලට මුහුණ දීමට අපව අප විසින්ම සූදානම් කරන බවය. එමෙන්ම යථාර්ථවාදීව අරමුණු ඇතිකරගැනීම, වර්ථමානයේ ජීවත් වීම, ඔබට වෙනස් කළ නොහැකි දේවල් හඳුනාගැනීම, කාලය මනාව කලමනාකරණය කිරීම, පෝෂ්‍යදායී ආහාර අනුභව කිරීම හා ඉතා වැදගත්- විවේකය ගැනීම තුළින් , මානසික යහපැවැත්ම ඇති කරගත හැකිය.