Listen

Description

ෆෙඩරල් රජය විසින් 2024 සිට ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව සීමා කිරීම උදෙසා වීසා අයදුම්පත් ගාස්තු වැඩි කිරීම සහ වීසා සැකසීම මන්දගාමී කිරීම වැනි ප්‍රතිපත්ති හඳුන්වා දී තිබෙනවා. ඉංග්‍රීසි භාෂාව සහ වෘත්තීය අධ්‍යාපන ආයතන වැනි ස්වාධීන අධ්‍යාපන අංශවලට මෙම වෙනස්කම් දැඩි ලෙස බලපා ඇති අතර සමහර ඒවා වැසී යාමට ද හේතු කාරණා වී තිබෙනවා. ඒ පිළිබඳ මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.