නිවසේ සිට අධ්‍යාපනය ලැබීම එහෙම නැතිනම් Home-schooling කියන ක්‍රමවේදය සම්බන්ධයෙන් කුවීන්ස්ලන්තයේ ස්වාධීන පරීක්ෂණයක් සිදුකර තිබෙනවා. එහිදී ලබා දී ඇති නිර්දේශ 8 ම පිළිගැනීමට කුවීන්ස්ලන්ත රජය කටයුතු කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය පාසල් විෂය නිර්දේශය Home-schooling ක්‍රමවේදය සඳහාද අනිවාර්ය කිරීමට පසුගිය ප්‍රාන්ත රජය කටයුතු කර තිබුනා. කෙසේ උවත් මේ සඳහා Home-schooling වෙත යොමුවී ඇති දෙමාපියන් අතරින් විරෝධයක් ගොඩ නැගුනා.මේ හේතුවෙන් Home-schooling ක්‍රමවේදය නියාමනය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරනු ලැබුවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්