podcast
details
.com
Print
Share
Look for any podcast host, guest or anyone
Search
Showing episodes and shows of
Maheshakya
Shows
රට කරවන හැටි Rata Karawana Hati
IMF සරණ 2.0 #99
අද අපි කතා කරන්නේ IMF සහ ශ්‍රී ලංකා රජය අතර ඇතිවුන එකඟතාවය ගැන.
2022-09-19
26 min
රට කරවන හැටි Rata Karawana Hati
අවදි වුන මකරා #98
මීට අවුරදු 200 විතර කලින් නැපෝලියන් චීනේ ඉඳන් ඇවිත් මෙහෙම කියනවා "That is a sleeping dragon. Let him sleep! If he wakes, he will shake the world." අද කතාව මේ අවදි වුන මකරා කවුද කියන එක ගැන සහ ඒක අපි ට සම්බන්ඳ වෙන විදිහ ගැන. · https://www.aljazeera.com/news/2022/8/13/sri-lanka-allows-entry-for-controversial-chinese-ship · https://www.thoughtco.com/geography-and-modern-history-of-china-1434414 · https://www.khanacademy.org/humanities/whp-1750/xcabef9ed3fc7da7b:unit-1-the-world-in-1750/xcabef9ed3fc7da7b:1-2-scaling-to-two-places-in-the-world/a/read-qing-dynasty-beta · https://www.csis.org/programs/international-security-program/isp-archives/asia-division/cross-strait-security-initiativ-0 · https://www.bbc.com/news/world-asia-34729538 · https://www.aljazeera.com/news/2021/12/10/who-are-taiwan-diplomatic-allies
2022-08-21
18 min
රට කරවන හැටි Rata Karawana Hati
රනිල් ගේ 🍑 කමු #97
අපි නොහිතපු විදිහේ රාජ්‍ය ත්‍රස්තවාදයක් අත්විඳින්න අද මිනිස්සුන්ට සිද්ද වෙලා තියනවා. අසාධාරණ විදිහට මිනිස්සු අත්තඩංගුවට ගන්නවා, පැහැරගන්නවා. ජනාධිපති මන්දිරෙන් කොඩියක් උස්සපු මිනිහා අත්තඩංගුවට ගන්නකොට බිලියන් ගණන් අවභාවිතා කරපු මිනිස්සු රටින් පනිනවා. ඇමති තනතුරු ගන්නවා. අද කතාව ඒ ගැන.
2022-08-03
16 min
රට කරවන හැටි Rata Karawana Hati
8 හොඳායි ද #96
20 වෙනිදා අපේ පාර්ලිමේන්තුව රැස් වෙනවා 9 වෙනි ජනාධිපතිවරයා තෝරාගන්න හෝ 8 වෙනි ජනාධිපතිගේ ධුරය ස්ථිර කරන්න. මේ තැනට එන්න සිදුවුන ක්‍රියාදාමය මොකද්ද කියන එක ගැන සහ මේ වෙනෙකාට ඡන්දය ජයග්‍රහණය කරන්න හැකියාව තියෙන්නේ කාටද කියන එක ගැන තමයි අද කතාව.
2022-07-18
44 min
රට කරවන හැටි Rata Karawana Hati
පාට ප්‍රවෘත්ති #95
මේ දවස් වල අපි නිතර දකින දෙයක් තමයි පාට වර්ග මුල් කරගෙන අපේ ප්‍රවෘත්ති සයිකල් එක නිතරම අළුත් වෙනවා. අද අපි කතා කරන්නේ මේ ප්‍රවෘත්ති සයිකල් එක ගැන සහ ඒක අපිට හිතන පතන විදිහට කරන බලපෑම ගැන.
2022-07-05
20 min
රට කරවන හැටි Rata Karawana Hati
ධම්මික ප්‍රසාද් #94
ධම්මික පෙරේරා වැනි බලගතු ව්‍යාපාරිකයෙක්, ව්‍යවස්ථාදායකයට එවල, අමාත්‍ය ධූරයක් ලබා දෙන්න ගෝට තීරණය කරල තියනවා. මේක දේශපාලනිකව වැරදි පූර්වාදර්ශයක් විතරක් නෙවෙයි, රටේ ආර්ථිකයට හානිකර තීරණයක් වෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ ඒ තීරණය ගැන.
2022-06-22
12 min
රට කරවන හැටි Rata Karawana Hati
නෙළුම් මලක් ගත් අලියෙක් #93
තනි අලි එන්නේ රට රකින්නද?
2022-06-03
15 min
රට කරවන හැටි Rata Karawana Hati
හර්තාල් #92
ලංකා ඉතිහාසයේ දෙවනි හර්තාල් එක තියෙන්නේ පලවෙනි හර්තාල් එක වගේම තීරණාත්මක ආර්ථික සංධිස්ථානයකදි. අද අපි කතා කරන්නේ 1953 හර්තාලය ගැන සහ 6 වෙනිදා තිබුණ ඉදීයට සංවිධානය වෙන්න යන ලංකාවේ දෙවනි හර්තාල ගැන.
2022-05-07
15 min
රට කරවන හැටි Rata Karawana Hati
IMF සරණ #91
අළුත් මහ බැංකු අධිපතිවරයා, ලංකාවේ ආර්ථික අර්බුදය විසඳන්න ලංකාවේ විදේශ ණය නො ගෙවා ඉන්න තීරණය කරනවා. අද අපි කතා කරන්නේ රාජ්‍ය ණය නො ගෙවීමේ ඉතිහාසය සහ ඒකෙන් අත් විය හැකි බලපෑම ගැන. · https://www.newsfirst.lk/sinhala/2022/04/12/%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%9a%e0%b7%81-%e0%b6%ab%e0%b6%ba-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%9a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%93-%e0%b6%86%e0%b6%b4%e0%b7%83/ · https://deliverypdf.ssrn.com/delivery.php?ID=147088068082019068098105095112069005121089060019020042124009066093099073070102095004121005007014114035049006029095099103119015000015036032060094090103070118011003056038080103120005120108076100073124005116070115120015028088008098026111066089088021068&EXT=pdf&INDEX=TRUE · http://www.bu.edu/econ/files/2013/01/ColeDowEnglish.pdf
2022-04-22
18 min
රට කරවන හැටි Rata Karawana Hati
අරගලයේ අනාගතය #90
වයසගත අරගලය දැන් ආයෙමත් තරුණයි. ආකර්ෂණීයයි. සෙක්සි. අද කතාව මේ තරුණ අරගලය ගමන් කල යුත්තේ මොන දිශාව ට ද කියන එක.
2022-04-11
54 min
රට කරවන හැටි Rata Karawana Hati
අප්‍රේල් 3 (Live) #89
රටේ දේශපාලන තත්ත්වය සහ අනාගතය ගැන අප්‍රේල් 3 වෙනිදා අපේ සජීව සංවාදය.
2022-04-04
56 min
රට කරවන හැටි Rata Karawana Hati
රැලිය #88
රටේ සමාජ, දේශපාලන, ආර්ථික අස්ථාවර බව එන්න එන්න වැඩි වෙන කොට මුළු රටම මේකට විරුද්ධව අදේශපාලනික අරගලයක් කරන්න සූදානම් වෙනවා. මේක සමාජයේ ලොකු විවාදයක් ඇති වෙනවා. අද අපි කතා කරන්නේ ඒ ගැන. අපි අප්‍රේල් 3 සැලසුම් කරල තියන live එපිසෝඩ් එක ගැන විස්තර දැන ගන්න ෆේස්බුක් පිටුවට එන්න. https://www.facebook.com/RataKarawanaHati
2022-04-01
25 min
රට කරවන හැටි Rata Karawana Hati
රියැලිටිය #87
ෂෝන් බොඩිලාඩ් තමන්ගේ සිමියුල්ක්‍රා ඇනඩ් සිමියුලේෂන් කියන පොතෙන් අපි රියැලිටිය දකින හැටි ගැන නිර්වචනයක් දෙන්න උත්සහා කරනවා. අද අපි කතා කරන්නේ බොඩ්‍රිලාඩ් ට අනුව මිනිස්සු රියැලිටිය දකින විදිහ සහ ඒක ලාංකිකයන්ට අදාල වෙන විදිහ ගැන.
2022-03-19
27 min
රට කරවන හැටි Rata Karawana Hati
මුළු රටම හරි මඟට #86
විමල්, ගම්මන්පිල ඇතුළු පක්ෂ 11 නායකයෝ “මුළු රටම හරි මඟට” කියන ව්‍යාපෘතියත් එක්ක ස්වාධීන වෙන එක තමයි මේ දවස් වල රටේ උණුසුම් දේශපාලනික මාතෘකාව. අද ටිකක් වෙනස් ෆෝමැට් එකකින් අපි කතා කරන්නෙත් ඒ ගැන. · sinhala.adaderana.lk/news/164797/ආණ්ඩුවේ-හවුල්කාර-පක්ෂ-11-ගෙනා-යෝජනාවලිය · https://www.bbc.com/sinhala/sri-lanka-60600020 · https://www.newswire.lk/2022/03/04/wimal-reveals-details-of-angry-august-phone-call-from-president/
2022-03-07
17 min
රට කරවන හැටි Rata Karawana Hati
43 වන සේනාංකය #85
ජනවාරි 17 වෙනිදා, පාඨලී චම්පික තමන්ගේ 43 සේනාංකය නිල වශයෙන් දියත් කරනවා. මේ ව්‍යාපාරය විශේෂයෙන්ම ආමන්ත්‍රණය කරන්නේ, කන්නන්ගර මහතාගේ 1943 නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය නිසා ප්‍රතිලාභ ලබපු මිනිස්සු. ඒ නිසා අද අපි කතා කරන්නේ මේ ව්‍යාපාරය ගැන සහ පාඨලී ගැන.
2022-02-28
18 min
රට කරවන හැටි Rata Karawana Hati
සේවක අර්ථ සාධක අරමුදල #84
2022 අයවැයේදි ප්‍රකාශ වෙනවා 2021 වසරේ ලාභය රු. මිලියන 2 ට වැඩි නම් ඒ සමාගම් වලින් 25% අධි බාර බද්දක් අය කරනවා කියල. නමුත් මෙතෙන්දි සේවක අර්ථ සාදක අරමුදලත් මේ සමාගම් කියන නිර්වචනය අයිති වෙනවා. අද කතා කරන්නේ ඒ නිසා ඇති වෙලා තියන ගැටළුකාරී තත්ත්වය ගැන. · ගැසට් පත්‍රය - sinhala.adaderana.lk/news/163886/අධිභාර-බදු-පනත්-කෙටුම්පත-ගැසට්-කෙරේ · බීබීසී ලිපිය - https://www.bbc.com/sinhala/sri-lanka-60344413 · 2019 අරමුදලේ සාරාංශය - https://epf.lk/wp-content/uploads/2021/05/Financial-Highlights-2019-English.pdf
2022-02-16
20 min
රට කරවන හැටි Rata Karawana Hati
දේශීය සංචාරකයා #83
ලංකාව කොවිඩ් වසංගතය වෙලාවේ ලොක්ඩවුන් කරනකොට, රටේ සංචාරක කර්මාන්තය ආරක්ෂ කරලා දුනනේ දේශීය සංචාරකයා. නමුත් අද වෙනාකොට නැවත රට විවෘත වෙලා නිසා සමහර සංචාරක ආයතන නැවතත් “විදේශිකයන්ට පමණයි” කියන පිලිවෙත ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන තියනවා. අද කතාව මේ ගැන. · 25 වෙනි කොටස - https://anchor.fm/rata-karawana-hati/episodes/25-ejjvqf · සංචාරක ප්‍රවර්ධන අධිකාරයට දැනුම් දීම් - https://complaints.sltda.gov.lk/
2022-02-04
25 min
රට කරවන හැටි Rata Karawana Hati
යුක්‍රේන අර්බුදය #82
මුළු ලෝකයම අද බලාගෙන ඉන්නේ යුක්‍රේන-රුසියා අර්බුදය ගැන. මේ ගැටළුව ආර්ම්භ වුනේ අද ඊයෙ නෙවෙයි. ඒ නිසා අද අපි කතා කරන්නේ මේ ගැටළුවේ ඉතිහාසය ගැන සහ එහි අනාගතය ගැන. · https://www.gov.uk/government/news/kremlin-plan-to-install-pro-russian-leadership-in-ukraine-exposed · https://mpra.ub.uni-muenchen.de/111587/1/MPRA_paper_111587.pdf
2022-01-25
16 min
රට කරවන හැටි Rata Karawana Hati
දහං ගැට #81
අවුරුදු 2 ක රාජ්‍ය පාලනය අතරේ කරන්න අමතක වුන දේශපාලනය කරන්න, පොදු ජන පෙරමුණ පටන් අරන් තියනවා. බෝම්බ අසුවීම්, රු 5000 දීමනා, ඩොලර් සංචිත ඉහල දැමීම වගේ දන්න දහං ගැට හැම එකක් ම ගහන්න ඔවුන්ට සිද්ද වෙලා තියනවා. අද කතාව ඒ ගැන.
2022-01-17
13 min
රට කරවන හැටි Rata Karawana Hati
සුසිල් ට ප්‍රේම කරමු ද? #80
තමන්ගේ රජය විවේචන කරල දීපු පිළිතුරක් නිසා, ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනවා. හැබැයි මේ පසුබෑම එක් අතකින් ඔහුගේ වාසියට අවස්ථාව සලසනවා. වෙනදා නොමැති විදිහේ ජනප්‍රියතාවක් ඔහුට මේ වෙනකොට ලැබිල තියනවා. ඔහුගේ මේ හැසිරීම අවංකද? අද අපි කතා කරන්නේ මේ සිදුවීම සම්බන්ධ දේශපාලන වටපිටාව ගැන.
2022-01-11
14 min
රට කරවන හැටි Rata Karawana Hati
අර්බුදයට කඩිනම් විසඳුම් #79
අද අපි කතා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ මූලික කරගත්ත, ජාතික ජන බලවේගයේ අළුත් ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන. ප්‍රතිපත්ති ප්‍රකාශනය - www.npp.lk/අර්බුදය-ජය-ගැනීමට/
2022-01-01
31 min
රට කරවන හැටි Rata Karawana Hati
කතානායක #78
කතානායක වරයා කියන්නේ අතිශය වැදගත් දේශපාලනික තනතුරක්. අපේ වර්තමාන කථානායකවරයාගේ ඇතැම් ක්‍රියාමාර්ග නිසා ඔහුගේ ස්වාධීන බව ගැන දැන් ප්‍රශ්න ඇති වෙලා තියනවා. අද කතාව ඒ ගැන. · 2022 අයවැය ගැන අපේ මතය - https://anchor.fm/rata-karawana-hati/episodes/2022--75-e1abitm · බ්‍රිතාන්‍යයේ කතානායක ලිංසේ හොයිල් - https://youtu.be/ewSkdhoCSdY
2021-12-22
15 min
රට කරවන හැටි Rata Karawana Hati
ප්‍රියන්ත කුමාර ඝාතනය #77
පසුගිය සතියේ ප්‍රියන්ත කුමාර නැමති නිලධාරියෙක් පාකිස්තානයේ දී අමාණුෂික විදිහට ඝාතනය වෙනවා. මේ ඝාතනය පිටිපස්සේ තියෙන්නේ අපේ රටේ විදේශ ශ්‍රමිකයන් ගැන තියන ඛේදවාචකය සහ ආගමික ප්‍රචණ්ඩත්වයේ ඵල විපාක. https://www.newsfirst.lk/sinhala/2021/12/06/12121/
2021-12-07
15 min
රට කරවන හැටි Rata Karawana Hati
වී ෆො වැන්ඩෙටා #76
වී ෆො වැන්ඩෙටා (V for vendetta) ෆිල්ම් එක සහ කොමික් එක රටේ සහ ලෝකයේ වර්තමාන තත්වය ගැන කතා කරන නිර්මාණයක්. අද අපි කතා කරන්නේ මේ විශිෂ්ට නිර්මාණය ගැන. https://www.imdb.com/title/tt0434409/?ref_=ext_shr_lnk
2021-11-29
16 min
රට කරවන හැටි Rata Karawana Hati
2022 අයවැය #75
2022 වසරට අයිති අයවැය, මේ දිනවල පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නවා. අද අපි කතා කරන්නේ, දෙවෙනි වර කියවීමේ දී, මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරපු කරුණු ගැන. කතාව - https://www.treasury.gov.lk/api/file/5415d2ae-c13f-40cf-8ca7-3c4718c8d3c1 විසර්ජන පනත - https://www.parliament.lk/uploads/bills/gbills/sinhala/6232.pdf https://www.parliament.lk/uploads/bills/gbills/tamil/6232.pdf https://www.parliament.lk/uploads/bills/gbills/english/6232.pdf
2021-11-16
33 min
රට කරවන හැටි Rata Karawana Hati
පෞද්ගලීකරණය #74
පෞද්ගලීකරණය ලංකාවේ ගොඩක් විවාදාත්මක මාතෘකාවක්. යුග දනව් බලාගාරයේ කොටස් වලින් 40% සහ එල් එන් ජී නල පද්ධතිය නිෂ්පාදනය කිරීමේ අයිතිය නිව් ෆෝට්‍රස් සමාගමට ලබා දීම නිසා මේ මාතෘකාව නැවතත් කරළියට ඇවිත් කියනවා. ඒ නිසා අද අපි කතා කරන්නේ පෞද්ගලීකරණයේ ඉතිහාසය, පසුබිම, වාසි සහ අවාසි ගැන. · විකිණීම - https://www.businesswire.com/news/home/20210921005739/en/New-Fortress-Energy-Finalizes-Contract-with-Government-of-Sri-Lanka-for-LNG-Terminal-Investment-into-310-MW-Yugadanavi-Power-Plant-and-Gas-Supply-to-Country%E2%80%99s-Power-Plants · කැබිනට් පත්‍රිකාව - https://theleader.lk/images/PDF/21-1642-304-106-I-compressed.pdf · පර්යේෂණ මූලාශ්‍ර 1 - https://www.econstor.eu/bitstream/10419/155240/1/NDL2001-077.pdf · පර්යේෂණ මූලාශ්‍ර 2 - https://citeseerx.ist.psu.edu/viewdoc/download?doi=10.1.1.413.4642&rep=rep1&type=pdf · පර්යේෂණ මූලාශ්‍ර 3 - https://link.springer.com/article/10.1007/s42438-020-00171-y
2021-11-08
20 min
රට කරවන හැටි Rata Karawana Hati
පැන්ඩෝරා පත්‍රිකා #73
ICIJ ආයතනය ලෝකයේ ස්වාධීන මාධ්‍යවේදීන් ගණනාවක ගේ එකතුවෙන් පල කරපු Pandora Papers වල ජනාධිපතිවරයාගේ ඥාති දියණියකගේ සහ ඇගේ සැමියාගේ නම සඳහන් වෙනවා. ඒ දෙන්න දේශපාලනික අනාවරණය වුන පුද්ගලයෝ හැටියට තමන්ගේ ධනය ලෝකය පුරා විවිධ රටවල විවිධ නම්වලින් තමන්ගේ ධනය අපයෝජනය කරනවා. අද අපි කතා කරන්නේ ඒ ගැන. · රජය Pandora Papers ගැන දෙන පිළිතුර - https://www.lankadeepa.lk/news/පැන්ඩෝරා-සිද්ධිය-ගැන-තවත්-පිරිසකගෙන්-ප්‍රකාශ-ගන්න-යයි/101-601284 · පැසිෆික් කොමොඩිටීස් සමාගමේ හිමිකාරත්වය - https://www.documentcloud.org/documents/21072236-screen-shot-2021-09-29-at-101144-pm · නඩේෂන් ගේ වත්කම් - https://www.documentcloud.org/documents/21072244-2011-nadesan-review-by-asiaciti · නඩේෂන් ට මුදල් ලැබුණ මාර්ග - https://www.documentcloud.org/documents/21072235-screen-shot-2021-09-29-at-102845-pm · රොසේටි බදු ව්‍යුහය - https://www.documentcloud.org/documents/21072240-rosetti-ltd-fy-2007-statement · නඩේෂන්, රනිල් ට යවපු ලියුම - https://www.documentcloud.org/documents/21072242-nadesan-letter-to-pm · ICIJ වල සම්පූර්ණ සොයා ගැනීම් - https://www.icij.org/investigations/pandora-papers/sri-lanka-rajapaksa-family-offshore-wealth-power/ · චෙක් රාජ්‍ය නායකයාගේ ඉරණම - https://www.icij.org/investigations/pandora-papers/czech-prime-ministers-party-narrowly-loses-re-election-days-after-pandora-papers-revelations-in-surprise-outcome/ · අනුරගේ කතාව - https://youtu.be/P46Bg1xYYoQ
2021-10-25
23 min
රට කරවන හැටි Rata Karawana Hati
වැඩ කරන්නේ ඇයි | ජර්මන් මැතිවරණය #72
Cost of productitivity සහ සතුටේ පිරිවැය කියල සෙග්මන්ට් දෙක එකට සම්බන්ද කරල අද අපි වැඩ කරන්නේ ඇයි කියන ප්‍රශ්නයට උත්තර දෙන්න උත්සහ කරනවා. අපි ජීවත් වෙන්නේ වැඩ කරන්න ද නැත්නම් වැඩ කරන්නේ ජීවත් වෙන්නද කියන ප්‍රශ්නය ගොඩක් කල් ඉඳන් මිනිස්සුන්ට තියන ගැටළුවක්. අද මුලින්ම කතා කරන්නේ ඒ ගැන ජර්මන් මැතිවරණය 26/09/2021 අවසන් වෙනවා. මේ මැතිවරණයේ ප්‍රතිඵලය නිර්වචනය කරගන්න ඔ්නේ කොහොමද? · https://www.expatrio.com/living-germany/facts-about-germany/german-political-system · https://www.bbc.com/news/world-europe-58570507 · https://www.ft.com/content/1fb608e3-1b57-4361-894e-7dc1d1a5abfd · https://www.bloomberg.com/graphics/2021-german-election-results/
2021-09-29
27 min
රට කරවන හැටි Rata Karawana Hati
සතුටේ පිරිවැය | කළු සල්ලි #71
ස්වීඩන් වගේ නෝර්ඩික් රටවල් ලෝකයේ සතුටෙන්ම ඉන්න මිනිස්සු ජීවත් වෙන රටක්. එතෙන්දි එයාල සමාජ සුභසාධනයට, work-life-balance එකට ලොකු වටිනාකමක් දෙනවා. එයාලට ලෝකයේ සතුටෙන්ම ඉන්න රටක් බවට පත් වෙන්න වැය වුන පිරිවැය මොකද්ද? · රෙඩිට් ෂෝරම් 1 - https://www.reddit.com/r/AskReddit/comments/p3w5k9/whats_the_weirdest_thing_youve_seen_happen_at_a/h8v0wwc?utm_source=share&utm_medium=web2x&context=3 · රෙඩිට් ෂෝරම් 2 - https://www.reddit.com/r/sweden/comments/ot68xi/det_h%C3%A4r_med_att_man_som_liten_fick_v%C3%A4nta_p%C3%A5/ · විදේශ ගත පිරිසට මිත්‍රයන් ඇති කරගැනීමට අපහසුම රටවල් - https://www.internations.org/magazine/the-best-and-worst-countries-to-make-friends-39792 කළු සල්ලි කියන්නෙ රටක ආර්ථිකයට විශාල හානියක්. රටේ ආර්ථිකය හරියට ගණනය නොවෙන්න හේතු වෙනවා වගේම, කළු සල්ලි නිසා රජයට යන ආදායම අඩු වෙනවා. ලංකා පාර්ලිමේන්තුව 2021 අංක 18 මුදල් පනත සම්මත කරනවා. මේ දෙකේ සම්බන්දයක් තියනවද කියල අපි බැලිය යුතුයි. · කළු සල්ලි ගැන පැහැදිලි කිරීම - https://www.investopedia.com/terms/b/black-money.asp · පනත (සිංහල) - https://www.parliament.lk/uploads/acts/gbills/sinhala/6222.pdf · පනත (දෙමල) - https://www.parliament.lk/uploads/acts/gbills/tamil/6222.pdf · පනත (ඉංග්‍රීසි) - https://www.parliament.lk/uploads/acts/gbills/english/6222.pdf
2021-09-19
26 min
රට කරවන හැටි Rata Karawana Hati
Cost of Productitivty | නාමල් බේබි #70
(Part1 in English) අපට ජපානය කිව්වහම මතක් වෙන්නේ විශාල ඉතිහාසයක් තියන සංස්කාතියක්. සමුරායිවරු, සුෂී වගේ විවිධ කෑම වර්ග, ඇනිමේ වගේ සංස්කෘතිකාංග වල නිජබිම. ඒත් එක්කම අපි නිතර අහනවා ජපාන සංස්කෘතියේ කාර්යක්ෂම බව ගැන. එයාලට කාලයට දෙන වටිනාකම පෞද්ගලික සහ රාජකාරි ජීවිතයේත් දකින්න තියනවා කියල අපි අහනවා. හැබැයි මේ කාර්යක්ෂම බවට පිරිවැයක් නැද්ද? · කාර්යක්ෂමතාවය මැනීම - https://www.statista.com/chart/14435/how-productive-is-an-hour-of-work/ · කාර්යක්ෂමතාවය මැනීම 2 - https://www.expertmarket.co.uk/crm-systems/the-ultimate-guide-to-work-place-productivity · පර්යේෂණ - https://www.tandfonline.com/doi/pdf/10.1515/cj-2016-0004 (දෙවන කොටස සිංහලෙන්) නාමල් රාජපක්ෂ කියන්නේ අනාගතයේ ලංකාවේ ප්‍රධාන දේශපාලන චරිතයක් වෙන්න ඉන්න පුද්ගලයෙක්. ළඟඳි එයා money heist tv series එකේ ෂොටෝ එකක් Share කරල තිබුණ නිසා අපිට හිතුනා ඒ ගැන අපේ අදහස කියන්න. · Post එක - https://www.facebook.com/tdwsyourmemes/photos/373127774371825
2021-09-10
21 min
රට කරවන හැටි Rata Karawana Hati
සත්ත්ව අයිතිවාසිකම් #69
සත්ත්ව අයිතිවාසිකම් කියල කියන්නෙ ලංකාවෙ නිතර කතා බහ වෙන මාතෘකාවක්. ගොඩක් වෙලාවට අපේ රටේ සත්ත්ව අයිතිවාසිකම් හැමෝම වගේ පිලිගත්තත් මේ අයිතිවාසිකම් කොච්චර දුරට යනවද කියන කරුණ පුද්ගලයගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. අද අපි කතා කරන්නේ මේ සත්ත්ව අයිතිවාසිකම් ව්‍යාපාර වල මූලික පදනම සහ ඒකේ අදාලත්වය ගැන. · සත්ත්ව අයිතිවාසිකම් වල පදනම - https://d1wqtxts1xzle7.cloudfront.net/5591167/varner_-_prospects_for_convergence.pdf?response-content-disposition=inline%3B+filename%3DThe_Prospects_for_Consensus_and_Converge.pdf&Expires=1630324812&Signature=ZsRQ2BD~4qgaYfRKESTlJxEMoOQY2~s-XrrXgO0SsVbQOfsMDHJ8eXZWz8MQ--kblDg~VZI53ZPmmG9Opi547BmoM4WadpX6~CX6fxoxIpUZTi181XYMegbERXufBBiDdMwrqK5VYIIUrrgtYfBYrSvuNGruPTeC-kL2i06aFN-SrdYA0BgBBsaKZMe8lejE0dYvocdYqDYRtzxyit1Dw0WhdU9Mb0RkhLwMMF5uoIX4KTVvrvicrDXZyM6JbOsKuo6A~MJhC9DY31fNDxsRpaHLZhoTdKo95x-F-gnFkRmDLWUOCuUPHXj74QMqAPl~hpEvN4NFhL5NrCIVP-NAAw__&Key-Pair-Id=APKAJLOHF5GGSLRBV4ZA · සත්ත්ව අයිතිවාසිකම් වල පදනම සහ ඉතිහාසය - https://www.britannica.com/topic/animal-rights/The-modern-animal-rights-movement · සත්ත්ව අයිතිවාසිකම් ව්‍යාපාර වල සැකසුම - https://fewd.univie.ac.at/fileadmin/user_upload/inst_ethik_wiss_dialog/Mika__Marie_2006._Framing_the_Issue._Religion__Secular_Ethics_and_the_Case_of_Animal_Rights_Mobilization._Social_Forces.pdf
2021-08-31
22 min
රට කරවන හැටි Rata Karawana Hati
ඇෆ්ගනිස්තානය #68
Episode 68 Part 1 මේ මාසයේ, නේටෝ හමුදාව තමන්ගේ ඇෆ්ගන් ආක්‍රමණය අවසන් කරනවා. ඇමරිකාව තමන්ගේ දීර්ඝ ම යුද්ධය අවසන් කරල යන්නේ 300,000 හමුදාවක් හදලා. නමුත් දින කිහිපයක් ඇතුළත, තලෙයිබාන් සංවිධානය මුළු රටේ ම බලය නැවත අල්ලන්න සමත් වෙනවා. අද මාතෘකාව වෙන්නේ ඇෆ්ගන් සමාජයට සහ ආසියානු කලාපයට නව පරිපාලනයෙන් තියෙන බලපෑම මොකක්ද කියන එක. තලෙයිබාන් දර්ශනය 1 – (The Taliban: an organizational analysis) https://apps.dtic.mil/sti/pdfs/ADA485136.pdf තලෙයිබාන් දර්ශනය 2 – (Taliban history of war and peace in Afghanistan) http://148.251.69.135/downloads/9_Kuehn_Incremental-Peace-in-Afghanistan-36-41.pdf තලෙයිබාන් දර්ශනය 3 - Handbook of Islamic Sects and Movements. ඇමරිකාව සහ මුජහඩීන් - https://courses.lumenlearning.com/suny-hccc-worldhistory2/chapter/the-united-states-and-the-mujahideen/ තලෙයිබාන් සමාජය - Afghanistan under the Taliban by BR Rubin https://afghandocproject.org/ADP/ADP%20Public%20Docs/CH_Afghanistan_Under_Taliban.pdf.pdf තලෙයිබාන් කාන්තා සහභාගීත්වය - Afghan Women and the Taliban: An Exploratory Assessment https://www.icct.nl/app/uploads/download/file/ICCT-Leede-Afghan-Women-and-the-Taliban-April-2014.pdf
2021-08-18
22 min
රට කරවන හැටි Rata Karawana Hati
සෙල්ලම් කරන්නේ ඇයි #67
ක්‍රීඩාව අපේ ජීවිතයට ගොඩක් සමීප දෙයක්. ඒක මනිස්සු ගල් යුගයේ ඉදලම විවිධ විදිහට කරපු ක්‍රියාවක්. නමුත් ඇත්තටම අපි ක්‍රීඩා කරන්නේ ඇයි? තරඟ බලන්නේ ඇයි? අපිට ජීවත් වෙන්න ක්‍රීඩාව අවශ්‍ය නැතත් ඒකට අපේ සමාජයේ වැදගත් තැනහක් හිමිවෙනවා. අද කතාව ඒ ගැන. · ක්‍රීඩාවේ ඉතිහාසය - https://www.britannica.com/sports/sports#ref253547 · ක්‍රීඩාවේ ආකර්ෂණය ගැන පර්යේෂණ - https://www.ufrgs.br/redecedesrs/wp-content/uploads/2020/07/2_Handbook_of_sports_and_media.pdf#page=361
2021-08-09
13 min
රට කරවන හැටි Rata Karawana Hati
Porn තහනම් ද #66
ලංකාව තුල porn websites තහනම් කරන්න අධිකරණයෙන් නියෝගයක් ලැබෙනවා. මේකට මුල් වෙන්නේ වයස අවුරුදු 15 ක දැරිය අපහරණයට ලක් වීමේ සිදුවීම නඩුව. එතෙන්දි පෝන් වීඩියෝ තුලින් ළමයි වැරදි ආකල්ප ඇති කරගැනීම වලක්වා ගැනීම සහ සමාජයේ අපචාර සිදුවීම අඩුකරගැනීම කියන අරමුණු මේ තීරණයට මුල් වෙනවා කියල අපට හිතෙනවා. නමුත් ඇත්තටම සමාජයේ අපචාර අඩු කරන්න porn ban එක සාර්ථක පියවරක් ද? · නව සීලන්තයේ වෙනස්ම වීඩියෝව - https://youtu.be/6c3Edm8NdGs · ප්‍රවෘත්තිය - sinhala.adaderana.lk/news/154775/පාසල්-ආරම්භ-කරන-තුරු-හෝ-අසභ්‍ය-වෙබ්-අඩවි-අවහිර-කරන්නැයි-අධිකරණයෙන්-දැනුම්දීමක් · බ්‍රිතාන්‍ය - https://www.bbc.com/news/technology-50073102 · ජර්මනිය - https://www.wired.com/story/germany-porn-sites-age-checks/ · ඉන්දියාව - https://www.india.com/news/india/raj-kundra-case-indian-laws-on-adult-film-racket-that-led-to-raj-kundras-arrest-explained-4830954/
2021-08-02
12 min
රට කරවන හැටි Rata Karawana Hati
ළමා මෙහෙකාර සේවය | දකුණු අප්‍රිකාවේ වෙන්නේ මොකක්ද? #65
Content warning for segment 1 of the episode. රිෂාඩ් බදුර්දීන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මුල් කරගෙන ළමා මෙහෙකාර සේවය, ලිංගික හිංසනය, සහ ලිංගික අධ්‍යාපනය ගැන කතා බහක් ඇති වෙලා තියනවා. මේ ගැටළු වලට අපිට දෙන්න පුළුවන් විසඳුම මොකක්ද? · ප්‍රවෘත්තිය - www.ada.lk/top_story/රිෂාඩ්ගේ-බිරිඳ--මාමා--මස්සිනා-අද-අධිකරණයට/19-382010 දකුණු අප්‍රිකවේ අද විශාල සිවිල් අර්බුදයක් ඇති වෙලා තියනවා. මේකට මූලික වුන පසුබිම මොකක්ද? · සිදුවීම් - https://youtu.be/5kXoAMpqUTE · GINI දර්ශකය - https://knoema.com/atlas/topics/Poverty/Income-Inequality/GINI-index
2021-07-26
19 min
රට කරවන හැටි Rata Karawana Hati
ක්ලාක්සන්ගේ ගොවිපල #64
Jemery Clarkson ගෙ Clarkson’s Farm කියල වැඩසටහනේ පෙන්නනවා, ගොවිතන ගැන කිසිම දෙයක් නොදන්න මනුස්සයෙක් අක්කර 500 විතර ගොවිපලක් කරන්නේ කොහොමද කියල තමයි මේ කොමඩි ෂෝ එකේ පෙන්නන්නේ. ඉතින් මේකෙ තාක්ෂණය පාවිච්චි කරන විදිහ දැක්කහම අපිට හිතුන ලංකාවේ ගොවියාට මේ තාක්ෂණය දුන්නොත් එයාලගෙ වෘත්තීයට කොච්චර ගෞරවයක් දෙන්න පුළුවන්ද කියල. ඒ වගේම තමයි පොහොර භාවිතය ගැනත් මේකේ යම් දුරකට කතා වෙනවා. කාබනික පොහොර භාවිතය තියෙන්නේ කොතනද? ඒක අපි පාවිච්චි කරන්න ඔ්නේ කොහොමද? Epispde 64 Part 1 කාබනික සහ රසායනික පොහොර භාවිතයේ දීර්ඝකාලීන ඵලදාව - https://www.sciencedirect.com/science/article/pii/S0167880917305595#bib0050 කාබනික පොහොර ගැන කරපු පරීක්ෂණ වල සමාලොචනයක් - https://www.mdpi.com/2073-4395/9/2/82
2021-07-19
17 min
රට කරවන හැටි Rata Karawana Hati
කොතලාවල පනත #63
1981 අංක 68 කොතලාවල පනත යාවත්කාලීන කිරීමක් විදිහට අලුතෙන් කොතලාවල පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ විවාද වෙනවා. මේක මුල් කරගෙන විශාල විරෝධක් ඇතිවෙනවා. විරෝධය දක්වපු අයගේ ඇඳුම් ගලවනවා, අත්තඩංගුවට ගන්නවා, නිරෝදායනයට අරගෙන යනවා. ඉතින් මෙච්චර මර්දනය කරන්න, මේවගේ වෙලාවක උද්ඝෝෂණය කරන්න මුල් වුන පනත ගැන විස්තරව බලන්න අපි හිතුවා. · නව කොතලාවල කෙටුම්පත (සිංහල) – http://documents.gov.lk/files/bill/2021/3/45-2021_S.pdf · නව කොතලාවල කෙටුම්පත (ඉංග්‍රීසි) – https://www.parliament.lk/uploads/bills/gbills/english/6210.pdf · විශ්වවිද්‍යාල පනත – https://www.ugc.ac.lk/index.php?option=com_content&view=article&id=49&Itemid=195&lang=en · පරණ (දැනට ක්‍රියාත්මක) පනත – https://www.srilankalaw.lk/YearWisePdf/1981/SIR%20JOHN%20KOTELAWALA%20DEFENCE%20ACADEMY%20ACT,%20NO.%2068%20OF%201981.pdf · විශ්වවිද්‍යාල දත්ත – https://ugc.ac.lk/downloads/statistics/stat_2019/Chapter1.pdf
2021-07-12
30 min
රට කරවන හැටි Rata Karawana Hati
වෘත්තීය සමිති | ක්‍රීඩාව #62
වර්තමානයේ අපි සාමාන්‍යයක් හැටියට ගන්න දවස් 5 වැඩ සතිය, පැය 8 වැඩ දවස, නිවාඩු දින, අතිකාල දීමනා වගේ දේවල් අපිට ලබා දුන්නේ වෘත්තීය සමිති වල මැදිහත් වීමෙන් මේක සමරන්න තමයි මැයි 1, කම්කරු දිනය යෙදිල තියෙන්නේ. හැබැයි අද ලංකාවේ වෘත්තීය සමිතිවලට තියන ප්‍රතිරූපය එච්චර සුබදායී නැහැ. නමුත් අඩුපාඩු තිබ්බා කියල අපි වෘත්තීය සමිති කප්පම්කාරයෝ, කඩාකප්පල්කාරයෝ ගානට දාන්න ඔ්නෙද? ලංකාවේ ක්‍රීඩාව ට ඇතිවෙලා තියන තත්ත්වය මොකද්ද? ක්‍රිකට් වල පරිහාහානය නවත්තන්න නම් අපිට නව සීලන්ත මොඩල් එක අනුගමනය කරන්න පුළුවන්ද? ක්‍රිඩාව දියුණු කරන්න නම් අපි ඒක කොහොමද සමාජයට එකතු කරන්නේ?
2021-07-05
24 min
රට කරවන හැටි Rata Karawana Hati
ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය | සෙල්ලම් ගෙදර #61
ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය අත්‍යාවශ්‍ය සමාජ කාරණාවක් වෙනකොට ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ තියන දුර්වලකම් තවදුරටත් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ඩේටා සඳහා යන අධික වියදමට, සිග්නල් නැති එකට, තාක්ෂණික පහසුකම් නැති එකට විසඳුම වෙලා තියෙන්නේ ඒවා ෆොටෝ ගහල අන්තර්ජාලයට දාන එක. මේ පෝස්ට් වල දුරකතන සේවා නියාමන කොමිසම් සභාව දෙන පැලැස්තර විසඳුම් ඇත්තටම ප්‍රමාණවත් නැහැ. මේකට ජාතික ප්‍රතිපත්තියක් හදන්නේ කොහොමද? දැන් 20 ගණන්වල ඉන්න පරම්පරාව ඉස්සර අසාවෙන් බලපු කතාවක් තමයි සෙල්ලම් ගෙදර කියන්නේ. සෙල්ලම් ගෙදර කියනකොට අපට මතක් වෙන්නේ, ඒකත් එක්ක අපි මතක් කරගන්නේ ප්‍රශ්න අඩු සරල අතීතයක්. ඒ අතීතයේ අපි ණය බර ගැන, රස්සාවක් ගැන, හෙට මැරෙයිද කියන එක ගැන කරදර වුනේ නැහැ. මේකට අපි කියනවා nostalgia (අතීතකාමය??) කියල. මේකෙ විශේෂ ලක්ෂණයක් තමයි අපි මේ අතීතය පට්ට ලස්සන දෙයක් හැටියට මවා ගැනීම. අපි සෙල්ලම් ගෙදර බලන දවස් වල රටට සුනාමියක් ආවා. යුද්ධයක් තිබ්බා. නමුත් ඒ අතීතය තාම අපිට සුන්දරයි. මේ අතීතකාමය රනිල්ට උදව් වුන්නේ කොහොමද?
2021-06-27
20 min
රට කරවන හැටි Rata Karawana Hati
ග්‍රීක ආර්ථික අර්බුදය | ස්ටොක්හෝල්ම් සින්ඩ්රෝම් #60
ග්‍රීක ශිෂ්ටාචාරය කියන්නේ ලෝකයට නිර්මාණ විශාල ප්‍රමාණයක් දායාද කරපු ශිෂ්ටාචාරයක්. හැබැයි අද, ඔලිම්පික්, නාට්‍ය කලාව, සාහිත්‍ය, දර්ශනයට වඩා ග්‍රීසිය කිව්වහම මතක් වෙන්නේ ආර්ථිකමය අතින් සම්පූර්ණයෙන්ම විනාශ වුන රටක්. වැරදි මුදල් පරිපාලනය නිසා, අධික විදිහට ණය ගැනීම නිසා ග්‍රීසිය අවුරුදු 10 ක ආර්ථික අවපාතයකට යනවා. මේකෙන් අපි පාඩමක් ඉගෙන ගෙන තියනවද? · ග්‍රීසියේ කඩාවැටීම - https://www.investopedia.com/articles/investing/070115/understanding-downfall-greeces-economy.asp 1973 ස්ටොක්හෝල්ම් වල බැංකු මංකොල්ලයක් වෙනවා. මේකෙදි බැංකු සේවකයෝ හතර දෙනෙක් ව කප්පම් කාරයා විසින් ප්‍රාණ ඇපකරුවෝ හැටියට තබා ගන්නවා. මේ ප්‍රශ්නය දින 6 ක් ඇදෙනවා. මේ දින 6 ඇතුළත, ප්‍රාණ ඇපකරුවෝ තුල තමන්ගේ කප්පම් කාරයා කෙරෙහි ගෞරවයක්, අනුකම්පාවක් ඇති වෙනවා. මේකට ස්ටොක්හෝල්ම් සින්ඩ්‍රෝම් කියල කියනවා. සමහර පර්යේෂකයෝ කියනවා මේක ගෘහස්ත හිංසනයට ලක් වුන අය අතරේ සහ දේශපාලන තලයේ දකින්න තියනවා කියල. ලංකාවටත් මේ කතාව අයිති ද? · ස්ටොක්හේාල්ම් මංකොල්ලය - https://youtu.be/g_yiQBe8yiQ
2021-06-18
30 min
රට කරවන හැටි Rata Karawana Hati
සුරතල් සත්තු | ඔලී රොබින්සන් #59
සුරතල් සත්තු ආරක්ෂා කිරීමට ලංකාවේ තියෙන නීති දෙක හැදිල තියෙන්නේ 1958 සහ 1907 වසර වල. මේකෙන් 1958 පනත වෙන් වෙලා තියෙන්නේ හරක්, ඌරෝ වගේ සත්ත්ව නිෂ්පාදන වලට අයිති වෙන සත්තු ගැන. 1907 කෲරත්වය ගැන පනතත් දැන් ඇත්තටම යල් පැනල. ඒ නිසා අපි දකිනවා හිතල හෝ නොහිතල මිනිස්සු අතින් සුරතල් සතුන්ට විශාල වශයෙන් අසාධාරණකම් වෙනවා. තුවාල කරනවා, පාරවල් වල දාලා යනවා. මේක වෙනස් කරන්නේ කොහොමද? · සත්ත්ව පනත - http://www.daph.gov.lk/web/index.php?option=com_content&view=article&id=43&Itemid=144&lang=si Ollie Robinson කියන එංගලන්ත ක්‍රීඩකයා මීට අවුරුදු 8 කට කලින් ලියපු ට්වීට් නිසා කරදරේ වැටෙනවා. තරඟ තහනමකටත් ලක් වෙන්න යනවා. මේක කැන්සල් කල්චර් එකේ එක දිගුවක් කියල තමයි අපි හිතන්නේ. කැන්සල් කල්චර් එකේ ඒ වගේ හොඳ ලක්ෂණ වගේම නරක ලක්ෂණත් තියනවා. නමුත් ඒකෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන සමාජ පරිවර්තනය සිද්ධ වෙනවද? · සිද්ධිය - https://www.foxsports.com.au/cricket/countries/england/english-cricket-star-ollie-robinson-investigated-for-revolting-tweets/news-story/571eac9fc606b5879aa5960f6327580e · කැන්සල් කල්චර් ගැන ලියන ලද නිබද්න - https://datasociety.net/wp-content/uploads/2020/10/2020_OriginalArticle_Clark_CancelCulture.pdf · කැන්සල් කල්චර් ගැන ලියන ලද නිබද්න - https://www.sciencedirect.com/science/article/pii/S266651822100022X
2021-06-08
20 min
රට කරවන හැටි Rata Karawana Hati
විශේෂඥයෝ | Port City #58
(මෙම කොටස සුපුරුදු පරිදි සිංහලෙන්) ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 6 වෙනි පිටුවට පෙරළුවහම ඒකේ සඳහන් වෙනවා technocratic පාලනයක් ඇති කරනවා කියල. එතකොට technocratic පාලනය කියල කියන්නේ වෘත්තියමය සුදුසුකම් තියන අය ඒ ක්ෂේත්‍ර වල දේශපාලන තනතුරු වලට පත් කිරීම. ඒකේ බලාපොරොත්තුව දේශපාලන විසඳුම් වලින් තොරව සිද්ධාන්තයකට අනුව ගැටළු වලට විසඳුම් දෙන්න ඔවුන්ට හැකි වීම. මේක කරන්න තිබ්බ හොඳ අවස්ථාවක් තමයි කෝවිඩ් වගේ සෞඛ්‍ය ගැටළුවක් ඇති වෙලා තියෙන වෙලාව. මේක කොච්චර හොඳට ලංකාවේ පරිපාලනය ඇතුලේ මේ වෙලාවේ ක්‍රියාත්මක වෙනවද? · සෞඛ්‍ය නිලදාරීන්ගේ කට වැසීම - https://sinhala.newswire.lk/2021/05/20/සෞඛ්‍ය-සේවකයින්-නිහඬ-කිර/ · කෝවිඩ් අත්තඩංගුවට ගැනීම් - https://www.bbc.com/sinhala/sri-lanka-52458539 · රට කරවන හැටි බ්ලෝග් පිටුව - https://rata-karawana-hati.blogspot.com/ (මෙම කොටස ඉංග්‍රීසියෙන්) පෝට් සිටි පනත සම්මත වීමත් එක්ක අපිට ආයෙත් ඒ ගැන කතා කරන්න සිද්ධ වෙනවා. මේකෙ විශේෂත්වය තමයි, කලින් තිබුන විදිහට මේ පනතේ විශාල කොටසක් ව්‍යවස්ථා විරෝධී කියල ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනවා. ඒ විදිහට ව්‍යවස්ථා විරෝධී වුනේ මොන වගන්තිද? සංශෝධනය කරපු පනතෙන් වෙන්නේ මොකද්ද? It’s been a few weeks since we last went over the Port city bill. Since then, the bill has gone through the supreme court and passed with a majority in the parliament. While we initially didn’t expect the bill to be unconstitutional, the supreme court found it to be illegal and unconstitutional. This means that people were right to oppose this legislation in and outside the parliament. In this segment we look at which clauses were changed? Why? And the act’s implications on our economy. · Supreme Court’s decision - https://www.parliament.lk/uploads/bills/gbills/scdet/6218.pdf (පාර්ලිමේන්තුවෙන් මේ ලේඛනය සිංහලෙන් දීල නැහැ)
2021-05-28
34 min
රට කරවන හැටි Rata Karawana Hati
බෝඩරේ | Elon Musk #57
කෝවිඩ් පාලනයට ගමෙන් ගම, පොලිස් වසමෙන් වසම වහනකොට අපිට තේරෙන දෙයක් තමයි, අපේ රටේ සැලසුම්කරණයේ තියන දුර්වල කම. Zoning වලදි, නැත්නම් මේ සැලසුම්කරණයේදී බලාපොරොත්තු වෙන දේ තමයි මිනිස්සුන්ගේ සෞඛ්‍යයට ඇති වෙන අහිතකර බලපෑම් අඩු කිරීම සහ යටිතල පහසුකම් දීම පහසු කිරීඹ. මේක හොඳින්ම කරන රටක් තමයි ජපානය. අපිට ජපානයෙන් ගත හැක්කේ මොනවද? · ජපාන සෝනින් නීතිය - https://www.mlit.go.jp/common/001050453.pdf Elon Musk කියන ව්‍යාපාරිකයා, මැයි 9 වෙනිදා SNL වැඩසටහන මෙහෙයවනව බලන්න මුලු ලෝකයෙම මිනිස්සු ලක්ෂ ගණනාවක් එකතු වෙනවා. මේකට එක හේතුවක් වෙන්නේ ඔහුගෙන් cryptocurrency ව්‍යාපාරයට තිබෙන බලපෑම. නමුත් මේ වැඩසටහන වෙනකන් ම cryptocurrency වල හොඳ කියපු Elon Musk ටික දවසකින් ඔහුට තියන cryptocurrency වලින් කොටසක් විකුණනවා. මේකෙන් ලෝකය පුරාම මිනිස්සුන්ට මුදල් අහිමි වෙනවා. මේ සිදුවීම් මාලාව ගැන අපිට හිතෙන්නේ මොකද්ද?
2021-05-20
22 min
රට කරවන හැටි Rata Karawana Hati
රෝමේ ගිණි ගන්නකොට වීනා වාදණය කිරීම | ඊශ්‍රායලය #56
රෝමේ ගිණි ගන්නකොට නීරෝ වීණාවාදනය කලා වගේ, අපේ රජය අළුත් කෝවිඩ් රැල්ල නොසලකා හැරල තියනවා. ඒ වෙනුවට එයාල ඇඳවල් හඳනවා. ඩිලීට්ගේ ජිම් කට්ටල ගමට බෙදා දෙන්න යනවා. කොවිඩ් වල දරැණු බව නොසලකා හැරීමේ විපාක අද ස්වීඩනයට විඳින්න සිද්ධ වෙලා තියනවා. ලංකාවත් හෙමින් හෙමින් ඒ තැනට ලඟා වෙනවා. දැන් හරිනම් රජය එයාලගේ මාන්නය පැත්තකින් තියල මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් මීට වැඩිය ක්‍රියාකාරී සැලැස්මක් ආර්ම්භ කරන්න ඔ්නෙ. ඉතින් මේ රැල්ල හරියට නවත්තගත්තොත්, කිංස්ලිල, සුදේව ල නෙවෙයි, spin doctors ල 100 ක් දාලා ගන්න ඡන්ද වලට වැඩි ගාණක් සමහරක් විට රජයට ගන්න පුළුවන් වෙයි. · කෝවිඩ් තත්ත්වය - https://news.lk/news/political-current-affairs/item/32226-twenty-six-26-covid-deaths-reported · ස්වීඩනයේ සහ ජපානයේ කොව්ඩ් සැලසුම - https://theconversation.com/sweden-and-japan-are-paying-the-price-for-covid-exceptionalism-151974 ඊයේ දිනයේ පලස්තීන ඊශ්‍රායල ගැටළු තවත් උත්සන්න වෙනවා. එයින් ලමයි 9 ක් ඇතුළු පලස්තීන ජාතිකයින් 20 ක් මිය යනවා. ඉතින් මේ නිසාම අපි ඊශ්‍රායලය ගැන කතා කරන්න හිතුවා. ලංකාවේ සාමාන්‍ය ජනතාවට ඊශ්‍රායලය එක්ක තියෙන්නේ අමුතු බැඳීමක්. පැති දෙකේම ඉන්න ලාංකිකයෝ විවිධ හේතු මත ඊශ්‍රායලයට ගෞරව කරනවා. නමුත් ඇත්ත ඊශ්‍රායලය සමාජ මාධ්‍ය වල යන පෝස්ට් වලින් පෙන්නුම් කරනවද? · අළුත් ගැටුම් - https ://www.abc.net.au/news/2021-05-11/israel-hamas-rocket-fire-palestine-jerusalem-gaza-deaths/100129940 · ඇමරිකාව ඊශ්‍රායලයට උදව් කරන්නේ ඇයි - https://www.researchgate.net/publication/338583810_Why_Do_Evangelicals_Support_Israel · ඉතිහාසය- https://youtu.be/iRYZjOuUnlU
2021-05-11
27 min
රට කරවන හැටි Rata Karawana Hati
Californication | Horn ගහන්න තහනම් ද? #55
සංස්කෘතියක් කියන්නේ ම තවත් සංස්කෘතීන් වල එකතුවක්. අපට බුද්ධාගම, සිංහල භාෂාව ලැබිල තියෙන්නේ වෙනත් සංස්කෘතීන් හරහා. නමුත් සංස්කෘතීන් එකතු වෙන කොට අපට නැති වෙන්නේ ලැබෙන්නේ මොනවද කියල හොඳින් හිතල බලන්න ඔ්නෙ. චීන රාජතාන්ත්‍රික රථ පෙලකට හෝන් ගැහුව නිසා, පොලිසියේ රාජකාරියට බාධා කිරීම යටතේ තරුණයෙකුට නඩු පවරනවා. නමුත් ඇත්තටම මෙතෙන්දි රජය යවන්න හදන්නේ රාජතාන්ත්‍රික රථවලට බාධා කරන්න එපා කියන පණිවිඩය ද නැත්නම් වෙන දෙයක් ද? මෙතනින් මිනිස්සුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධාවක් එල්ල වෙන්නේ නැද්ද? 1· 2 segment එක අහන්න කලින් මේ වීඩියෝ එක බලන්න - https://youtu.be/RErdSr0iAcs · සිද්ධියට මුල් වුන වීඩියෝව - https://youtu.be/RPc0sor9DXA
2021-05-04
18 min
රට කරවන හැටි Rata Karawana Hati
කොළඹට ගසක් ඉතුරු කරමු | හමුදාවට රට බාරදීම #54
කොළඹට ගසක් ඉතුරු කරමු කියල ව්‍යාපෘතියක් ගැන සමාජ මාධ්‍ය හරහා කතා බහක් ඇති වුනා. ඉතින් අපි හිතුවා මේ වගේ ව්‍යාපෘති වල වැදගත්කම ගැන කතා කරන්න. ඒ වගේම මේ වගේ සංකල්ප හරහා ගෝලීය උෂ්ණත්වය, පරිසර දූෂණය වගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න පුළුවන් විදිහ ගැනත් අපි අද කතා කරනවා. · ලංකාවේ ඒක පුද්ගල කාපන් විමෝචනය - https://ourworldindata.org/co2/country/sri-lanka ජනාධිපතිවරයා පසුගිය 20 වෙනිදා ගැසට් එකක් හරහා රටේ සාමය පවත්වා ගෙන යාමේ වගකීම ත්‍රිවිධ හමුදාවට බාර දෙනවා. හමුදාවට සාමය පවත්වාගෙන යන වගකීම දෙන්න පුළුවන් ද? ඇයි ජනාධිපතිවරයා මේ වගේ තීරණයක් ගත්තේ? · ගැසට් එක - http://www.documents.gov.lk/files/egz/2021/4/2224-11_S.pdf
2021-04-27
19 min
රට කරවන හැටි Rata Karawana Hati
වරාය නගරය #53
වරාය නගරයේ පාලන බලය තියෙන කොළඹ වරාය නගර ආර්ථික කොමිසම බලාත්මක කරන පනත අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඉතින් මේ පනත ගැන රටේ ඇති වෙන කතාබහත් එක්ක අපි තීරණය කලා මේ කෙටුම්පත ගැන හොයල බලන්න. ඇත්තටම මේක ලංකාවේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂයද? · කෙටුම්පත (සිංහල) - https://www.parliament.lk/uploads/bills/gbills/sinhala/6218.pdf · කෙටුම්පත (ඉංග්‍රීසි) - https://www.parliament.lk/uploads/bills/gbills/english/6218.pdf
2021-04-22
28 min
රට කරවන හැටි Rata Karawana Hati
ස්වාධීන රාජ්‍ය ආයතන #52
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ කරපු කතාවක් එක්ක රාජ්‍ය ආයතන වල ක්‍රියාකාරීත්වය ගැන කතා බහක් ඇති වෙනවා. ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂකවරියගේ හැසිරීමෙන් මේ ප්‍රශ්නය තවත් උත්සන්න වෙනවා. ස්වාධීන රාජ්‍ය ආයතනවලට යම් මට්ටමක ස්වාධීන භාවයක් අවශ්‍ය වෙන්නේ දේශපාලන බලයක් තියන ව්‍යාපාර, නිලධාරීන් නීති කඩ කරන කොට ඊට විරුද්ධව කටයුතු කරන්න. නමුත් අද වැදගත් රාජ්‍ය ආයතනවල ප්‍රධාන තනතුරුවලට පත් වෙලා ඉන්න නිලධාරීන් තමන්ගේ තනතුරේ, ආයතනයේ වටිනාකම දේශපාලනඥයන් වෙනුවෙන් පවා දෙනවා. අද කතාව ඒ ගැන.
2021-04-13
09 min
රට කරවන හැටි Rata Karawana Hati
71, 88-89 කැරලි සහ ජවිපෙ අනාගතය #51
2021/04/05 ට 1971 කැරැල්ලට වසර 50 ක් වෙනවා. ඒ නිසා අපි හිතුවා මේ පුහාරයේ ඉතිහාසය, පසුබිම සහ එයින් ගත හැකි පාඩම් ගැන සලකා බලන්න. 71 සහ 88-89 කැරලි කියන්නේ ලංකාවේ අඳුරුම යුගයක්. මෙයින් ජීවිත 70000 ක් විතර අහිමි වෙනවා කියල අනුමාන කරනවා. මේ සංහාරයට ජවිපෙත්, සිරිමාවෝ රජයත්, ජේ ආර් - ප්‍රේමදාස රජයනුත් වගකිව යුතුයි. ශ්‍රීලනිපය සහ යූඑන්පී එක කෙසේ වෙතත් ලංකාවේ දැනට තියන එකම දූෂණ චෝදනා නැති දේශපාලන ව්‍යාපාරය විදිහට (89 න් පස්සේ), ජවිපෙට හැකියාවක් තියනවා තුන් වැනි පක්ෂයෙන් එහාට ගිය දේශපාලන වගකීමක් ගන්න පුළුවන්. හැබැයි එතනට යන්න නම්, මේ රටේ අනාගත පරපුරට, තව අවුරුදු 10 කින් 20 කින් රටේ රාජ්‍ය නායකයා තීරණය කරන පරපුරට දැනෙන්න ඔ්නෙ 71 සහ 88 කැරලි වල තමන්ගේ වගකීම ගැන ජවිපෙට සාධාරණ විවේචනයක් තියන බව. එදාට මීට වැඩිය ශක්තිමත් ව්‍යාපාරයක් වෙන්න ඔවුන්ට පුළුවන් වෙයි. · සිදුවීමේ ඉතිහාසය - https://asiafoundation.org/wp-content/uploads/2017/10/SriLanka-StateofConflictandViolence.pdf · වාමාංශික කැරැල්ලේ ඉතිහාසය - https://journals-sagepub-com.ezproxy.lib.rmit.edu.au/doi/pdf/10.1177/0010414020938096
2021-04-07
22 min
රට කරවන හැටි Rata Karawana Hati
ස්විට්සර්ලන්තයේ Burqa තහනම | 50 වෙනි episode එක දක්වා ගමන #50
1 වන කොටස සඳහා ආගම් පිලිබඳ අන්තර්ගතය ගැන අනතුරු ඇඟවීම 2 වන කොටස සඳහා 23:50 Content Warning for segment 1 23:50 for segment 2 ස්විට්සර්ලන්තය මේ මාසයේදී ඡන්දයක් හරහා, පොදු ස්ථාන වල බර්කා ඇඳීම තහනම් කරනවා. එක් පිරිසක් කියනවා බර්කාව කියන්නේ මුස්ලිම් සංස්කෘතියේ තියන පුරුෂාදිපත්‍ය පෙන්වන සංකේතයක් කියලා. තහනමට පක්ෂ පිරිස් කියනවා කාන්තාව නිදහස් කරන්න නම්, ඔවුන්ට බලයෙන් පනවල තියන බර්කාව තහනම් කරන්න ඔ්නෙ කියල. හැබැයි කාන්තාව නිදහස් කරනවා කියල බර්කාව තහනම් කිරීමෙන් වෙන්නේ කාන්තාවට තවත් සම්බාධක දැමීමක් කියල පිරිසක් කියනවා. බර්කා තහනමට විරුද්ධ අය කියනවා ආගමක් ඇඳහීමේ නිදහස යටතේ ඔ්නෑම කෙනෙක්ට කැමති ඇඳුමක් ඇඳීමේ නිදහස තියනවා කියල. හැබැයි මේ නිදහස තුලින් කරන්නේ මනුස්සයෙක්ගේ ස්ත්‍රී පුරුෂ භාවය මත ඒ කාන්තාවගේ නිදහසට බාධා කිරීම නම්, එවැනි ආගමික නිදහසක ඵලය මොකද්ද? · බර්කාවේ ඉතිහාසය - https://en.wikipedia.org/wiki/Burqa · ඉස්ලාම් ආගමට අනුව කාන්තාවගේ ඇඳුම - https://www.quran-islam.org/articles/women_dress_code_(P1150).html · බර්කා තහනම ගැන කල පර්යේශනයක් - https://scholarlycommons.law.emory.edu/cgi/viewcontent.cgi?article=1041&context=eilr අපි 2021 මාර්තු 29 පටිගත කරන්නේ අපේ 50 වෙනි podcast episode එක. අපි කලින් කිව්වා වගේම මේ podcast එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ තරුණ පරපුරට සමාජයේ ගැටළු දැනෙන විදිහ කතා කරන එක. අපිට මේ වෙනකොට පොඩි හෝ audience එකක් තියනවා. මේ audience එකට එකතු වෙන, අපිත් එක්ක අදහස් බෙදාගත්ත හැමෝටම ගොඩක් ස්තූතියි. ඉදිරියටත් අපිත් එක්ක දිගටම ඉන්න කියල හැමෝටම ආරාධනා කරනවා. අපි කතා කල යුතු මාතෘකා, යෝජනා හෝ චෝදනා තියනවා නම් ඒක අපිට description එකේ තියන email එක හරහා හෝ facebook, twitter හරහා අපිත් එක්ක බෙදා ගන්න · Email – ratakarawanahati@gmail.com
2021-03-29
27 min
රට කරවන හැටි Rata Karawana Hati
ප්‍රවාහන පද්ධතිය | අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය #49
ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ආරක්ෂාවට දීල තියන තැන බොහොම අඩුයි. මේකට හොඳම උදාහරණයක් තමයි ටිපර් රථයක් සහ බස් රථයක් අතර වුන අනතුර. මේ සිදුවීමෙන් අපිට ඉගෙන ගන්න දේවල් බොහෝමයක් තියනවා. මීට වැඩිය ආරක්ෂාකාරී මහාමාර්ග පද්ධතියක් හදන්න අපිට ලෝකයෙන් ඔ්නේ තරම් උදාහරණ ගන්න පුළුවන්. ඒ අතරින් නෝර්වේ රාජ්‍ය කරපු Vision Zero ව්‍යාප්තියෙන් අපට ගන්න පුළුවන් පාඩම් මොනවද? Vision Zero - https://www.vegvesen.no/_attachment/2322975/binary/1261865?fast_title=National+Plan+of+Action+for+Road+Safety+2018-2021+%28short+version%29.pdf මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියන්නේ අපේ මූලික අයිතියක්. ඒක ජනාධිපතිවරයා හෝ රජය අපිට දෙන වරප්‍රසාදයක් නෙවෙයි. එහෙම නම් ජනාධිපතිවරයා කොහොමද මාධ්‍ය ආයතන වලට පාඩම් උගන්නන හැටි ගැන කතා කරන්නේ? එයාට පාඩම් උගන්නන්න අයිතියක් තියනවාද?
2021-03-22
19 min
රට කරවන හැටි Rata Karawana Hati
මියන්මාරය I Facebook vs ඔස්ට්‍රේලියාව #48
මියන්මාර හමුදාව නැවතත්, කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ල ගන්නවා. මේකට ජාත්‍යන්තරයේ රටවල් විශාල ප්‍රමාණයක් විරුද්ධ වෙද්දි, ලංකාව මේ සිදුවීම ගැන හැසිරෙන විදිහ සාධාරණයි ද? ලංකාවේ විදේශ ඇමතිවරයා, මිලිටරි රජයේ විදේශ ඇමතිවරයාට ආරාධනා කරනවා කලාපීය සාකච්ඡාවක් සඳහා. මේකෙන් යන පණිවිඩය මොන වගේ ද? මියන්මාරයේ මෑතකාලීන ඉතිහාසය - https://youtu.be/PLHlMoPw6-8 ඕස්ට්‍රේලියානු රජය නව නීතියක් ගේනවා ගූගල්, ෆේස්බුක් වගේ සමාගම්, ඔස්ට්‍රෙලියානු ප්‍රවෘත්ති සමාගමක ලිපි පෙන්වනවනම් ඒ පුවත්පත් සමාගම් වලට ගෙවීම් කල යුතුයි කියල. ගූගල් මේකට අකමැත්තෙන් වුනත් එකඟ වෙනවා. ෆේස්බුක් මේ තීරණයට විරෝධයක් විදිහට ඔසුට්‍රේලියානු පරිෂීලකයෙක්ගෙන්ම සියළු ප්‍රවෘත්ති පිටු hide කරනවා. රජයේ ස්ථාවරය වෙනස් නොවෙන නිසා අවසානයේ ෆෙස්බුක් කොන්දේසි මත මේකට එකඟ වෙනවා. මේක රාජතාන්ත්‍රික විදිහට ලංකාවට බලපාන්නේ කොහොමද? මේ සිදුවීමෙන් සමාජ මාධ්‍ය ගැන ලංකා රජය ඉගෙන ගත යුත්තේ, සූදානම් විය යුත්තේ මොන කරණා වලටද? ෆේස්බුක් විසින් ඔස්ට්‍රේලියවට තංහචි දැමීම - https://www.abc.net.au/news/2021-02-26/australian-news-sites-reappear-on-facebook-media-laws/13195100
2021-03-15
18 min
රට කරවන හැටි Rata Karawana Hati
මාධ්‍ය සදාචාරය | කළු ඉරිදා #47
පොලිස් නිලධාරියෙක් කරපු අපරාධයක් මුල් කරගෙන මාධ්‍ය හැසිරෙන ආකාරය ගැන සමාජයේ කතාබහක් ඇති වෙලා තියනවා. මේ සිද්ධිය මුල් කරගෙන සමහර මාධ්‍ය නාලිකා වෘත්ත්තීය ආචාර ධර්ම සම්පූර්ණයෙන්ම අමතක කරල තියනවා. මේ හැසිරීම නිසා වෙන්නේ ප්‍රසිද්ධ මාධය වල ජනප්‍රියතාවය අඩු වෙලා, මිනිස්සු තොරතුරු ලබා ගන්න සමාජ මාධ්‍ය වලට හැරෙන එක. මේක මිනිස්සුන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සහ තොරතුරු වල ගුණාත්මක බවට හොඳ දෙයක් නෙවෙයි. එහෙම නම් ප්‍රසිද්ධ මාධ්‍ය කරන්න ඔ්නෙ මොකද්ද? 07/03/2021 ලංකාවේ කළු ඉරිදා දිනය සමරනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන එන්නයි රජයට බලපෑම් කිරීම. අපරාධකරුවන් නීතිය ඉදිරියට ගේන්න නම් ඒ වගකීම ජනාධිපති කොමිසමකට දීල හරියනවද? ඇයි දේශපාලන යාන්ත්‍රනය මේ ගැටළුව විසඳන්න පොලීසියට බාධා කරන්නේ? මූලාශ්‍ර පාස්කු ප්‍රහාරය - https://en.wikipedia.org/wiki/2019_Sri_Lanka_Easter_bombings කළු ඉරිදා - https://divaina.com/daily/index.php/puwath-2/55249-2021-03-02-12-47-34
2021-03-08
15 min
රට කරවන හැටි Rata Karawana Hati
කළු ඉරිදාවට අපේ සහාය (Teaser)
පාස්කු ප්‍රහාරයට වරදකරුවන් සොයා දඩුවම් ලබා දීමේ ක්‍රියාපටිපාටිය ඉක්මන් කරන්නැයි ඉල්ලන කළු ඉරිදා සැමරුමට අපි අපේ සහයෝගය ලබා දෙනවා. Episode 47 Teaser
2021-03-07
00 min
රට කරවන හැටි Rata Karawana Hati
මැතිවරණ ආදායම් වියදම් නීති | පුටින්ට තිබෙන ආක්ර්ශනය #46
අළුත් මැකෝ නිමල් පුංචිහේවා ඉල්ලීමක් කරනවා ඡන්ද අපේක්ෂකයන්ගේ ආදායම් වියදම් වාර්තා මැතිවරණ කොමිසමට ලබා දීම අනිවාර්ය කරන වගන්තියක් අළුත් ව්‍යවස්ථාවට එක් කරන්න කියල. රටක ප්‍රජාතන්ත්‍රවාදය වැඩ කරන්න තියන ලොකුම බාධාවක් තමයි දේශපාලනයත් එක්ක ගෑවෙන මුදල්. මේක අපි සීනි බදු වංචාවෙන්, ටයිල් වංචාවෙන්, මහ බැංකු බැදුම් කර වංචාවෙන් හොඳටම අත්විඳිනවා. මේකට ලේසිම පිලියම වෙන්නේ අපේක්ෂකයන්ට මුදල් දෙන්නේ කවුද කියන එක ප්‍රසිද්ධ කිරීම. ඉතින් ඒ නිසා මැකෝ ගේ මේ ඉල්ලීම නිවැරදි මාවතක ආරම්භයක් කියල තමයි අපි දකින්නේ. ප්‍රවෘත්තිය - https://www.newsfirst.lk/sinhala/2021/02/12/%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%83%E0%B7%94-%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A/ පුටින් ට ලංකාවේ අසාමන්‍ය ආරක්ශනයක් තියනවා. වර්තමාන ජනාධිපතිවරයාව පුටින් කෙනෙක් ට සමාන කරල මාකට් කලේත් ඒ ආක්ර්ශනය නිසා තමයි. ඇත්තටම පුටින් වගේ පුද්ගලයෙක් යටතේ ජීවිතය මොන වගේද? ජනාධිපතිට ඡන්දය දීපු මිනිස්සුන්ගේ ප්‍රර්තනාව අද ඉශ්ට වෙලා නැද්ද? ඇලෙක්සි නවානි - https://www.smh.com.au/world/europe/alexei-navalny-moved-probably-to-prison-camp-says-lawyer-20210226-p57609.html පුටින්ගේ අළුත් ගෙදර - https://youtu.be/CbHYFSZqvPE රැසියාවේ ආදායම් බෙදී යාමේ විෂමතාවය - https://wid.world/country/russian-federation/
2021-03-01
14 min
රට කරවන හැටි Rata Karawana Hati
Cyber security | දේශපාලන පලිගැනීම් පිලිබඳ ජනාධිපති කොමිසම #45
පෙබරවාරි 6 වෙනිදා google.lk සහoracle.lk ඇතුළු .lk domain තිබෙන පේජ් ගණනාවක්ම හැක් වෙනවා. මේකෙන් ඉස්මත් වෙන්නේ ලංකාවේ සයිබර් සෙකියුරිටි වලට දීල තියෙන තැන. TRCSL සිට Telecom එක දක්වාම ලංකාවේ සයිබර් සෙකියුරිටි ඉතිහාසය එතරම් සුභවාදී එකක් නෙවෙයි. අපි ට දැන් සයිබර් සෙකියුරිටි ප්‍රමිතිගතකරණයේ අවශ්‍යතාවය මතු වෙලා තියනවා. සිදුවීම වාර්තා කල ලිපිය- https://www.zdnet.com/article/hacktivists-deface-multiple-sri-lankan-domains-including-google-lk/ ලොගින් ගැන වාර්තාව - https://twitter.com/aselawaid/status/1359089894203785217 IT සමාගමක් පිලියෙල කල වාර්තාව - https://twitter.com/CswWorks/status/1359836705927409671 දේශපාලන පලිගැනීම් පිලිබඳ ජනාධිපති කොමිසම තමන්ගේ අවසන් වාර්තාව ජනාධිපතිට බාර දුන්නත් එය පාර්ලිමේන්තුවට ඉදිරි පත් කරල නැහැ. මේ කොමිසම උදයංග වීරතුංග වැනි චූදිතයන් ව නිදොස් කොට නිදහස් කරන අතරෙම බුද්ධි අංශ නිලධාරීන්, හමුදා නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ට විරුද්ධව නඩු දානවා. මේක කොච්චර සාධාරණ ද?
2021-02-21
17 min
රට කරවන හැටි Rata Karawana Hati
ශිෂ්‍ය අයිතිවාසිකම් | ජනාධිපතිගේ පරිසර දැක්ම #44
2017 අවුරුද්දේ ගුරුවරයෙක් ළමයෙකුට පහර දීම නිසා ඒ ළමයා ජීවිත කාලයට ම බිහිරි වෙනවා. ඒ ගැන දාපු මානව අයිතිවාසිකම් නඩුවෙන් ගුරුවරයා වැරදි කරු වෙනවා. ඒ ගුරුවරයාට ලක්ෂ 1.5 වන්දියක් ගෙවන්න වෙනවා. සමහරු කියන දෙයක් තමයි ගහන්නේ හොඳ අරමුණකින් නිසා දඬුවම් දීමේ වරදක් නැහැ කියල. නමුත් පර්යේෂණ වලින් සොයා ගෙන තියනවා ළමයින්ට ගැසීමෙන් වෙන්නේ ළමයි තවත් දරුණු වීමත්, දඬුවමට බය වීමත් මිස වැරදි කරන්න බය වීම නොවන බව. ඉතින් එහෙම නම් ගුරුවරුන්ට අයිතියක් තියනවාද ළමයින්ට ගහන්න? මාර්ග අනතුරු වාර්තාව - https://srilankamirror.com/news/6874-a-road-accident-every-10-minutes ළමයින්ට ගැසීම ගැන ලියන පර්යේෂණයක් - https://www.tandfonline.com/doi/full/10.1080/23311886.2018.1536316 ජනාධිපතිවරයා මෑතක දී තිබුණු කතාබහකදි පොඩි කතාවක් කරනවා. මේ කතාවෙන් ඔහුගේ පරිසර දැක්ම ගැන අපට ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. නමුත් ඔහු දකින පරිසර දැක්ම හරි ද? ඒ පරිසර දැක්ම ගම සමඟ පිළිසඳරෙන් කරන්න පුළුවන් ද? ජනාධිපතිවරයාගේ කතාවෙන් කොටසක් - https://www.youtube.com/watch?v=EmL9G3Paep8&feature=emb_title
2021-02-15
21 min
රට කරවන හැටි Rata Karawana Hati
මානව හිමිකම් කොමිසම | තානාපති සේවය #43
ලංකාව ට ආයෙත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියනවා. මානව හිමිකම් කොමිසම ලංකාවට කරපු නිඑර්දේශ වල ප්‍රගතිය ගැන වාර්තාවක් 46 වෙනි මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වෙනවා. මේ වාර්තාවේ ලීක් වුන මුල්පිටපත ගැන අපි සාකච්ඡා කරනවා. මේ වාර්තාවෙන් ලංකාවේ මානව හිමිකම් ගැටළු 6ක් ගැන කතා කරනවා. එහෙම නම් ඇයි අපි ඉස්ලාම් බක්තිකයින් ආදාහනය කිරීම ගැන විතරක් අවදානය යොමු කරන්නේ? ලංකාව ගැන වාර්තාව- https://www.justsecurity.org/wp-content/uploads/2021/01/Sri-Lanka-OHCHR-Report-12-Jan-2021.pdf මේ වගේ විදේශ ගැටළු වලට මුහුණ දෙන්න අපට හොඳ විදේශ සබඳතා තියෙන්න ඔ්නෙ. මේකට හොඳම උදාහරණය තමයි ඉම්රාන් ඛාන් ලංකාව වෙනුවෙන් කතා කිරීම. ලංකාවේ තානාපති සේවය ගැනත් අපිට මේ දේ කියන්න පුළුවන් ද? දේශපාලනික මිතුරන් කතාපති සේවයට යවල අපිට හොඳ විදේශ සබඳතා හදා ගන්න පුළුවන්ද?
2021-02-09
18 min
රට කරවන හැටි Rata Karawana Hati
ඇමරිකාවේ කොටස් වෙළඳපල සහ Reddit #42
US Wall street එක සහ Reddit එක අතර මේ වෙනකොට ගැටුමක් ඇති වෙලා තියනවා. Reddit users කිහිප දෙනෙක් ගේ ආයෝජනය කිරීමේ උපක්‍රම නිසා, US stock market එක 3% විතර කඩා වැටිලා තියනවා. සමහරක් hedge funds බංකොලොත් වෙලා තියනවා. බොහෝ දෙනෙක් මේක හඳුන්වන්නේ ඇමරිකාවේ ඇතිවෙලා තියන ආදායම් බෙදී යාමේ විෂමතාවට විරුද්ධ ඇති වුන සිදුවීමක් හැටියට. ඉතින් මේ කියන hedge funds මොනවාද? කොහොම ද Redditers ල ඇමරිකා කොටස් වෙළඳපළට මෙච්චර බලපෑමක් කරන්නේ? මේකෙන් කොටස් වෙළඳපළ ගැන කියවෙන්නේ මොකක්ද? Redditors ල Gamestop වලට ලාභ එකතු කරපු හැටි - https://www.abc.net.au/news/2021-01-28/gamestop-reddit-users-on-wallstreetbets-explained/13097982
2021-01-31
12 min
රට කරවන හැටි Rata Karawana Hati
ලොකුම ළමයි හදන ලංකාවේ අද්‍යාපන ක්‍රමය | Brexit #41
ලංකාවේ තියන අධ්‍යාපන ක්‍රමය තුළින් දැන් නිර්මාණය වෙන්නේ ලෝකෙ ඉන්න ලොකුම ළමයි. අවුරුදු 24 ක් විතර වෙනකන් ලංකාවේ ළමයි තමන්ගේ දෙමාපියන් මත යැපෙන්න ඔ්නෙ. රටේ තරුණ පර්ම්පරාව අවුරුදු ගණනාවක්ම ශ්‍රම බලකායට දායකත්වයක් නොදී ගෙවා දානවා. ඒ වගේම තමයි මේ අවුරුදු 18 ට වැඩි තරුණ තරුණියන් ට පවා ලංකාවේ සමාජය සලකන්නේ ළමයි හැටියට මිසක් පුරවැසියො හැටියට, වගකීම් දැරිය හැකි පිරිසක් හැටියට නෙවෙයි. මේ තරුණ පරපුරටත් වගකීම් දිය යුතු කාලය නේද? මූලාශ්‍ර විවිධ රටවල තෘතීක අධ්‍යාපනය අවසන් කරන වයස් - https://nonpartisaneducation.org/Review/Resources/Int__lHigherEd_AppendixA.pdf 2021 ජනවාරි 01 බ්‍රිතාන්‍ය, සම්පූර්ණ වශයෙන් යුරෝපීය සංගමයෙන් වෙන් වුනා. මේ ක්‍රියාවලිය අවුරුදු 5ක් තිස්සේ සිදු වුන දෙයක්. මෙයින් බ්‍රිතාන්‍යයට, යුරෝපීය සංගමයට සහ ලංකාවට ඇති බලපෑම් මොනවාද? බ්‍රෙක්සිට් - https://en.wikipedia.org/wiki/Brexit#Background:_the_United_Kingdom_and_EC/EU_membership
2021-01-26
12 min
රට කරවන හැටි Rata Karawana Hati
කොළඹ වරාය විකිණිම | අධිකරණයට අපහාස කිරීම #40
කොළඹ වරායෙන් 49% අදානි සමාගමට විකුණනව කියල ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. 2018 අවුරුද්දේ රු බි 19 ක ලාභයක් ගොපු කොළඹ වරාය හදිස්සියේම විකුණන්නේ ඇයි? ලංකාවේ වරාය ඇමති, අදානි වගේ සමාගමක් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි? කොළඹ වරායේ 2018 වාර්ථාව- · https://www.parliament.lk/uploads/documents/paperspresented/annual-report-srilanka-ports-authority-2018.pdf අදානි සමාගම පිළිබඳ වාර්ථාව- · https://www.google.com/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=&cad=rja&uact=8&ved=2ahUKEwjM9NeRhaLuAhWlyzgGHfPjAAEQFjAOegQIJhAC&url=https%3A%2F%2Fwww.aph.gov.au%2FDocumentStore.ashx%3Fid%3D66ddc905-bdea-4a15-8450-b02bdf496c3d%26subId%3D515416&usg=AOvVaw1gSKMqg9PJDyzrg6g9waPm රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීමට වැරදිකරු යැයි ඔප්පු වෙලා ඔහුව වසර 4 කට සිර ගත කරල තියනව. ඒකෙන් ඔහුගේ මන්ත්‍රී ධූරය අහිමි වීමට නියමිතයි. මන්ත්‍රී ධූරය අහිමි වීම සාධාරණද? ලංකාවේ අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නීතිය යාවත්කාලීනද? ලංකාවේ අධිකරණයට අපහාස කිරීමේ නීතිය- · · https://www.article19.org/data/files/pdfs/analysis/sri-lanka.contempt.03.pdf
2021-01-17
13 min
රට කරවන හැටි Rata Karawana Hati
යුක්රේන සංචාරකයින් | දුරකථන සේවා මාෆියාව #39
ලංකාවට යුක්රේන් සංචාරකයෝ ගෙන්වාගෙන සංචාරක කර්මාන්තය “නගා සිටුවන්න” ව්‍යාපෘතියක් පටන් අරන් තියනවා. මේක පිටුපස ඉන්නේ මිග් යානා ගනුදෙනුවේ චෝදනා ලබපු, පසුගිය දවසක නඩුවෙන් නිදහස් වුන, හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග. ලංකාවේ මිනිස්සු මැදපෙරදිග හිර වෙලා ඉන්න වෙලාවක සංචාරකයන් රටට ගෙන්වන්න අවධානය දෙන එක කොච්චර සාධාරණ ද? උදයංග - https://www.facebook.com/Udayanga222/posts/450738079260746 සංචාරකයින් - https://www.newsfirst.lk/2021/01/02/215-ukrainian-tourists-to-arrive-today-02/ විදෙස් ශ්‍රමිකයින් - https://www.newsfirst.lk/2020/12/31/sl-exapts-claim-unjust-treatment-in-repatriation/ රුසියානු ඔලිගාක්ස් - https://www.abc.net.au/news/2019-01-02/rich-russians-the-rise-of-the-oligarchs/10626236 Value added services හරහා මිනිසුන්ගේ මුදල් අසාධාරණ ලෙස අය කරගැනීමක් ගැන සමාජයේ කතාබහක් ඇති වුනා. නාගානන්ද කොඩිතුවක්කු නීතිඥවරයා මේ ගැන අධිකරණයට යන්න තීරණය කරනවාත් එක්කම TRCSL මේ සේවාවලින් ඉවත් වෙන්න නිසි ක්‍රියා පටිපාටියක් හදන්න කියල දුරකතන සේවා ආයතන වලට දැනුම් දෙනවා. ඔබේ සේවා සපයන්නාත් මෙහෙම මුදල් අයකරන බවට සාක්ෂි තියනවා නම් ඒවා නාගානන්ද කොඩිතුවක්කුගේ ෆේස් බුක් පිටුවට යවන්න (පෞද්ගලික තොරතුරු ලබා දීමෙන් හැකි තරම් වැලකෙන්න). නැත්නම් තමාගේ සේවා සපයන්නා අමතා මෙම Value added services වලින් ඉවත් වෙන්න. ඒ ගැන TRCSL එකට සහ තාක්ෂණ අමාත්‍යවරයා වෙන ජනාධිපතිට පැමිණිලි කරන්න. ජනාධිපති - https://www.president.gov.lk/ TRCSL - http://www.trc.gov.lk/contact-us.html නාගානන්දගේ සටහන - https://www.facebook.com/naganandakodi/posts/2825601424349499 TRCSL සටහන - http://www.newswire.lk/2020/12/31/value-added-services-subscriptions-notice-from-trc/
2021-01-03
13 min
රට කරවන හැටි Rata Karawana Hati
BLM සහ ශ්‍රී ලංකා ක්‍රිකට් | ලංකාවේ නියෝ නාසිවරු #38
ලංකා ක්‍රිකට් ආයතනය Black Lives Matter ව්‍යාපාරයට සහය පළ කරමින් දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියේදී අත ඔසවන්න බැහැ කියල ප්‍රකාශ කරල තියනවා. ලංකා ක්‍රිකට් ආයතනයට අනුව BLM කියන්නේ දේශපාලනික ව්‍යාපෘතියක්. නමුත් ඇත්තටම BLM කියන්නේ දේශපාලන සංදර්ශනයක් විතරද? ලංකාවේ එක පිරිසක් දේශීය සංස්කෘතියේ උසස් බව ගැන කියද්ද ඇතැම් පිරිසක් බටහිර සංස්කෘතිය, පෙරදිග සංස්කෘතියට වැඩිය විශිෂ්ටයි කියන්න පටන් අරන් තියනව. එක් සංස්කෘතියක් අනෙකකට වැඩිය උසස් කියල කියන්න පුළුවන් ද? එහෙම කියන්න ලංකවේ මිනිස්සු පෙලඹෙන්නේ ඇයි?
2020-12-27
12 min
රට කරවන හැටි Rata Karawana Hati
පී බී ජයසුන්දර | පළාත් සභා මැතිවරණය #37
00:00 - පී බී ජයසුන්දර ජනාධිපති ලේකම් විසින් තමන්ගේ හිතුමානාපයට මහජන උපයෝගීතා කොමිසම විසුරවා හරින්න තීරණය කරල තියනව. විදුලිය, ජලය, තෙල් පිළිබඳ ප්‍රතිපත්ති හදන්න තියන ආයතනය තමයි මහජන උපයෝගීතා කොමිසම. රාජ්‍ය නිලධාරියෙක් තමන්ගේ හිතුමනාපයට කොහොමද පාර්ලිමේන්තුවෙන් පිහිටුවපු ආයතන විසුරවන්නේ? 05:49 - පාළාත් සභා කියන්නේ විවේදාත්මක මාතෘකාවක්. පළාත් සභා වල කාර්යභාර්ය මොකද්ද? ලංකාවට පළාත් සභා අවශ්‍යද? මූලාශ්‍ර මහජන උපයෝගීතා කොමිසම - https://www.pucsl.gov.lk/about-us/ පළාත් සභාවල වගකීම් - http://www.lgpc.gov.lk/web/index.php?option=com_content&view=article&id=70&Itemid=189&lang=si#%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A-%E0%B7%83%E0%B7%84-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A
2020-12-20
12 min
රට කරවන හැටි Rata Karawana Hati
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය | Entrepreneur සිහිනය #36
කෝවිඩ් වලට බෙහෙත් හොයා ගත්ත කියන වෛද්‍යවරු රටේ හැම තැනින්ම මතු වෙනකොට සමාජයේ ආයුර්වේදය ගැන විශාල කතා බහක් ඇති වෙලා තියනව. මිනිස්සු ආයුර්වේදය විශ්වාස කල යුතුද? ආයුර්වේද කුමය අපි යාවත්කාලීණ කරන්නේ කොහොමද? ලංකාවේ ගොඩක් තරුණ තරුණියන්ට තියන සිහිනයක් තමයි entrepreneur කෙනෙක් වෙන එක. Entrepreneur ල වෙන්න හදන ලංකාවේ තරුණයාගේ ආදර්ශය වෙන්නෙ කවුද? මේ චරිත ඇත්තටම හොඳ මිනිස්සුද?
2020-12-13
14 min
රට කරවන හැටි Rata Karawana Hati
මහර බන්ධනාගාරය | දේශපාලනීකරණය වන සංකල්ප #35
1 කොටස (00:00) - මේ වෙනකොට ලංකාවේ ලොකුම මාතෘකාව වෙලා තියෙන්නෙ මහර බන්ධනාගාරයේ සිදුවීම. මේ සිදුවීමේ මුළු වරදම සිරකරුවන්ට දැමීම සාධාරණද? සිරකරුවන්ගේ ඉල්ලීම් ඉටු වුනාද? 2 කොටස (04:36) - දේශපාලන පක්ෂ වලට විවිධ මත තියනවා. හැබැයි මැතිවරණ ලං වෙනකොට ගොඩක් පක්ෂ යහපාලනය, සංහිදියාව, ජාතිකාරක්ෂාව, වියත් දේශපාලනය වගේ සංකල්ප තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ පදනම කරගන්නවා. නමුත් ඒ පක්ෂවල පාලන කාලය අවසන් වෙනකොට යහපාලනය, ජාතිකාරක්ෂාව වගේ සංකල්පවල වටිනාකම නැති වෙනව දේශපාලකයන්ගේම වැඩ නිසා. මේක හොඳ නරක මොකද්ද?
2020-12-05
10 min
රට කරවන හැටි Rata Karawana Hati
විද්‍යුත් මාධ්‍ය නියාමනය | SLVlog #34
රජය විසින් ප්‍රකාශ කරනව, ලංකාවේ විද්‍යුත් මාධ්‍ය නියාමනය කරන්න, ලියාපදිංචි කරන්න නෛතික රාමුවක් හදන්න ඔ්නෙ කියල. මේක රටට බලපාන්නෙ කොහොමද? Satire කියන්නෙ ලංකාවට අළුත් දෙයක්. ඒක ලංකාවේ මේ දවස් වල ජනප්‍රිය වෙලා තියෙන්නෙ SLVlog හරහා. ඉතින් SLVlog එකෙන් මේ කරන්නෙ මොකද්ද? ඒක වැදගත් වෙන්නෙ ඇයි? මූලාශ්‍ර ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය නියාමනය - https://sinhala.srilankamirror.com/news/26420-2020-11-22-14-55-09 POFMA පනත - https://en.wikipedia.org/wiki/Protection_from_Online_Falsehoods_and_Manipulation_Act Satire - https://en.wikipedia.org/wiki/Satire SLVlog - https://www.youtube.com/c/SLVLOG
2020-11-28
11 min
රට කරවන හැටි Rata Karawana Hati
අලි මිනිස් ගැටුම | 2021 අයවැය යෝජනා #33
අලි මිනිස් ගැටුම කියන්නෙ අපිට නිතර අහන්න ලැබෙන ප්‍රශ්නයක්. ඒක සමාජයේ ඇතැම් පිරිසකට ජීවිතයේම කොටසක්. එහෙමනම් අපි කොහොමද අලි මිනිස් ගැටළුව විසදන්නෙ? 2021 අයවැය මේ වෙනකොට පාර්ලිමෙන්තුවේ විවාදයට ලක් වෙමින් තියනව. 2021 අයවැයේ හොඳ සහ නරක මොනවාද? 2021 විසර්ජන කෙටුම්පත - https://www.parliament.lk/uploads/bills/gbills/sinhala/6202.pdf 2021 අයවැය කතාව - https://www.parliament.lk/files/pdf/budget/2021/budget-speech-2021.pdf
2020-11-18
12 min
රට කරවන හැටි Rata Karawana Hati
දේශපාලනයේ spin doctors | ඇමරිකාවේ ජනාධිපතිවරණය #32
අද අපි කතා කරන්නේ දේශපාලනයේ අපි නොදකින, ඒත් තිරය පිටිපස්සේ ඉන්න spin doctors ගැන. ඒ වගේම තමයි අද අපි කතා කරනව ඇමරිකාවේ ජනාධිපතිවරණයෙන් බයිඩන් ජය ගැනීම ගැන. ඒ වගේම තමයි බයිඩන් ජය ගැනීම ලංකාවට බලපාන්නෙ කොහොමද කියලත් අපි කතා කරනව. Podcast එකේ පලවෙනි කොටසෙදි කතා කරපු The thick of it, TV series එක පුළුවන් නම් බලන්න.
2020-11-08
13 min
රට කරවන හැටි Rata Karawana Hati
කොරෝනා පාලනය කරගන්න බැරි වුනේ ඇයි? | නාගරීකරණයේ අළුත්ම ගැටළුව #31
පරිපාලනයෙ නොසැලකිල්ල නිසා අද කොරෝනා දෙවනි රැල්ල පාලනය කරගන්න අපට බැරි වෙලා තියනව. ඇයි අපට මෙහෙම වුනේ? තුන්වෙනි රැල්ල නවත්තගන්නේ කොහොමද? බස්නාහිර පලාත lockdown කිරීමත් එක්ක ලංකාවේ නාගරීකරණයේ ලොකු ගැටළුවක් උඩට ඇවිත් තියනවා. ලංකාවේ නාගරීකරණයේ ගැටළුව මොකද්ද? ඒක හදන්නෙ කොහොමද? මූලාශ්‍ර https://unhabitat.org/is-sri-lanka-one-of-the-least-urbanised-countries-on-earth https://www.statista.com/statistics/728547/urbanization-in-sri-lanka/
2020-11-02
12 min
රට කරවන හැටි Rata Karawana Hati
20 සම්මත වීම #30
විස්ස සම්මත වීමත් සමඟ නැවතත් අපට ඒ ගැන පතා කරන්න සිද්ධ වෙනව. ඒ නිසා අද අපි කතා කරන්නේ 20 ට ඡන්දෙ දුන්න විපක්ෂය ගැන සහ බොරු සද්ද දාපු ආණ්ඩුවේ ඇතැම් කොටස්කාරයෝ ගැන මූලාශ්‍ර Discount වම - https://youtu.be/L28WYfBj5hA
2020-10-26
09 min
රට කරවන හැටි Rata Karawana Hati
කොරෝනා පාලනය | Cancel culture එක | රිෂාඩ් බදුර්දීන් #29
PCR කට්ටල කල් ඉකුත් වීම - http://www.aruna.lk/pcr-%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%BD-%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A-%E0%B6%89%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F/ https://roar.media/english/life/in-the-know/long-road-home-story-srilankan-migrant-workers-in-saudi-arabia සිවිල් ගුවන් සේවා අධිකාරියේ අක්‍රමිකතාව - https://www.facebook.com/lankaenews/posts/3601891039876035
2020-10-18
15 min
රට කරවන හැටි Rata Karawana Hati
රෝයල් තැප්‍රොබේන් | ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය #28
Royal Thaprobanian - https://www.youtube.com/channel/UCpMHVRNc1vNITixHVVv-GMw/ (මේකෙ වීඩියෝ බලන ගමන් මාස්ටර් ඇන්ඩ් මාගරීට පොත කියවන්න.)
2020-10-11
12 min
රට කරවන හැටි Rata Karawana Hati
දරු ප්‍රසූති නිවාඩු | 20 වන සංශෝධනයට ගේන සංශෝධන #27
වරයිට් රිසර්ච් ආයතනයේ පර්යේෂණය https://www.facebook.com/VeriteResearch/posts/3433754096718291 දරු ප්‍රසූති නිවාඩු නීතිය http://www.labourdept.gov.lk/index.php?option=com_content&view=article&id=257%3Ashop-act&catid=18%3Alabour-legislations&Itemid=17&lang=si https://salary.lk/labour-law/labourlaw-sinhalese/maternity උපාධිදාරී රැකියා ලාභීන්ගේ නිවාඩු අඩු කරන තීරණය http://www.themorning.lk/maternity-leave-cut-govt-urged-to-withdraw-slash/ දෙමාපියන්ට දරු ප්‍රසූති නිවාඩු දීමේ ඉතිහාසය https://en.wikipedia.org/wiki/Parental_leave#On_the_labor_market 20 වන ව්‍යවස්ථාවට ගේන සංශෝධන https://rivira.lk/2020/10/01/8350/
2020-10-03
11 min
රට කරවන හැටි Rata Karawana Hati
සෞඛ්‍ය හා සනීපාරක්ෂාවට ලංකාවේ තියන තැන | COPE කමිටුවේ නව සභාපතිවරයා පත් කිරීම #26
අද අපි කතා කරන්නෙ, මහනුවර ප්‍රදේශයේ සිදුවුන නිවාස අනතුරත් සමඟ සෞඛ්‍ය හා සනීපාරක්ෂාවට ලංකාවේ සමාජයේ දීල තියන තැන ගැන සහ COPE කමිුවේ සභාපති ධුරය රජයේ මන්ත්‍රීවරයෙක්ට ලබා දීම තුළින් රජයේ ආයතන වලට ඇති වෙන අහිතරකර බලපෑම ගැන
2020-09-24
11 min
රට කරවන හැටි Rata Karawana Hati
දේශීය සංචාරක කර්මාන්තය | සංගීතයේ අළුත් රැල්ල #25
සංගීත නිර්මාණකරුවන්ගේ යහපත වෙනුවෙන්, නීත්‍යනුකූලව ගීත වලට සවන් දීමට යොදාගත හැකි මාධ්‍ය Deezer - www.deezer.com SoundCloud - soundcloud.com වෙනත් නීත්‍යනුකූල මාධ්‍ය තිබේනම්, සියළු දේනාගේම දැනගැනීම පිනිස මෙහි comment කරමු.
2020-09-14
20 min
රට කරවන හැටි Rata Karawana Hati
නව ව්‍යවස්ථා සංශෝධනය #24
Logo production- https://www.facebook.com/cdlacompany/ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත- http://www.documents.gov.lk/files/bill/2020/9/22-2020_S.pdf
2020-09-06
12 min
රට කරවන හැටි Rata Karawana Hati
සමාජ ක්‍රියාකාරීත්වය | අමාත්‍යාංශ ලේකම්වරු #23
අද අපි කතා කරන්නෙ සමාජ ක්‍රියාකාරීත්වයේ ඇති වැදගත් කම සහ අමාත්‍යාංශ ලේකම්වරු පත් කිරීම ගැන
2020-08-30
08 min
රට කරවන හැටි Rata Karawana Hati
විදුලි අර්බුධය | සිංහරාජය මැදින් කපන පාර #22
මූලාශ්‍ර නව ගල් අඟුරු බලාගාරය- https://economynext.com/sri-lanka-president-orders-ceb-to-build-300mw-coal-plant-fast-70728/ ජාතික බලශක්ති ප්‍රතිපත්තිය- https://www.ceb.lk/business-with-ceb/national-energy/en සිංහරාජය මැදින් කපන පාර- https://www.newsfirst.lk/sinhala/2020/08/16/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%8b%e0%b6%bb%e0%b7%94%e0%b6%b8-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%ba-%e0%b6%b8%e0%b7%90%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/
2020-08-21
09 min
රට කරවන හැටි Rata Karawana Hati
තොරතුරු ආරක්ෂණය | මැතිවරණ ප්‍රචාරණ වියදම් #21
00:00 තොරතුරු ආරක්ෂණය ගැන සිතමු. 06:03 මැතිවරණ ප්‍රචාරණ වියදම් ප්‍රසිද්ධ කල යුත්තේ ඇයි?
2020-08-13
11 min
රට කරවන හැටි Rata Karawana Hati
2020 මැතිවරණ ප්‍රතිපලය හා ලංකාවේ අනාගතය #20
මැතිවරණය ප්‍රතිපලයෙන් රටේ අනාගතය ගැන කියවෙන්නෙ මොකද්ද? සමඟි ජන බල වේගයට සහ ජාතික ජන බල වේගයට හොඳ විපක්ෂයක් වෙන්න පුළුවන්ද?
2020-08-08
06 min
රට කරවන හැටි Rata Karawana Hati
අවම වැටුප් නීතිය සහ ඡන්දයට පෙර මතක් කිරීම #19
00:00 ලංකාවෙ යල් පැන ගිය අවම වැටුප සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය http://www.labourdept.gov.lk/images/PDF_upload/ExtraGazettes/wbd2019.pdf https://www.reddit.com/r/theydidthemath/comments/duj2xz/self_what_are_workers_getting_paid_in_sri_lanka/ 05:49 ඡන්දයට පෙර පොඩි මතක් කිරීමක්
2020-08-01
07 min
රට කරවන හැටි Rata Karawana Hati
රාජ්‍ය සේවය යාවත්කාලීන කිරීම සහ පෞද්ගලික අංශය නඟා සිටුවීම #18
00:00 රාජ්‍ය සේවය 21 වන සියවසට ගැලපෙන, ජනහිතකාමී යාන්ත්‍රනයක් කරන්නෙ කොහොමද? 06:40 ලංකාවේ පෞද්ගලික සේවා අංශය නඟා සිටුවන්නේ කොහොමද?
2020-07-23
15 min
රට කරවන හැටි Rata Karawana Hati
මහජන නියෝජිතයෙක් තෝරාගැනීම #17
00:00 මහජන නියෝජිතයාගේ වගකීම 04:03 මහජන නියෝජිතයෙක් තෝරාගන්නේ කෙසේද?
2020-07-16
11 min
රට කරවන හැටි Rata Karawana Hati
අවශේෂ වන විනාශය සහ මුදල් ඇප ක්‍රමය #16
00:00 අවශේෂ වන නීති වෙනස් කිරීම තුළින් අපිට නැති වන අනාගතය 06:20 පසුගාමී මුදල් ඇප ක්‍රමය අතීතයට එක් කල යුත්තේ ඇයි?
2020-07-08
11 min
රට කරවන හැටි Rata Karawana Hati
නීතිඥ වෘත්තිය | කරුණා අම්මාන් #15
00:00 නීතිඥ වෘත්තිය, ව්‍යාපාරයක් වී තිබෙන්නෙ ඇයි? 07:56 කරුණා අම්මාන්ට ඇත්තටම පුනුරුත්ථාපණය වෙලාද?
2020-06-29
11 min
රට කරවන හැටි Rata Karawana Hati
ලීසිං ව්‍යාපාරය | අධ්‍යාපනය #14
00:00 ලීසිං මාෆියාව පරදවමු. https://youtu.be/RK3NfnQMGng 06:45 ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඉගෙන ගන්න උගන්වනවද? https://www.smithsonianmag.com/innovation/why-are-finlands-schools-successful-49859555/ https://www.weforum.org/agenda/2019/02/how-does-finland-s-top-ranking-education-system-work
2020-06-20
18 min
රට කරවන හැටි Rata Karawana Hati
Black Lives Matter ව්‍යාපාරය හා ලංකාවේ පොලීසිය #13
00:00 Black Lives Matter ව්‍යාපාරය ලංකාවට ආරෝපණය කරන්නෙ කොහොමද? 05:22 ලංකාවෙ පොලිසිය සංශෝධනය කල යුත්තේ ඇයි?
2020-06-12
11 min
රට කරවන හැටි Rata Karawana Hati
නීතියේ අවනීතිය සහ ඇමරිකාවේ උද්ඝෝෂණ #12
00:00 නීතියේ අවනීතිය 07:00 ඇමරිකාවේ තත්ත්වය සහ එයින් අපට ගත හැකි පාඩම්
2020-06-02
10 min
රට කරවන හැටි Rata Karawana Hati
භාන්ඩ මිල | ප්‍රජාතන්ත්‍රවාදය වැඩ කරන්නෙ නැද්ද | මහ මැතිවරණය #11
00:00 හාල් මිල හා තෙල් මිල වැඩි වීම 06:58 ප්‍රජාතන්ත්‍රවාදය වැඩ කරන්නෙ නැද්ද? 13:04 මහ මැතිවරණය හා ව්‍යවස්ථාදායකය
2020-05-27
19 min
රට කරවන හැටි Rata Karawana Hati
අළුත් ground එක | ස්වාධීන රාජ්‍ය මාධ්‍ය #10
00:00 අළුත් ground එක ඔ්නෙමද? 03:00 ස්වාධීන රාජ්‍ය මාධ්‍යයක අවශ්‍යතාව
2020-05-20
10 min
රට කරවන හැටි Rata Karawana Hati
මූල්‍ය අවභාවිතාව | අළුත් වැඩ සංස්කෘතියක් #9
00:00 මූල්‍ය අවභාවිතාව 05:01 අළුත් වැඩ සංස්කෘතියක්
2020-05-13
09 min
රට කරවන හැටි Rata Karawana Hati
Bernie Sanders | ලාංකාවේ තාරුණ්‍යයේ රසාස්වාදය #8
00:00 Bernie Sanders 07:43 ලාංකාවේ තාරුණ්‍යයේ රසාස්වාදය
2020-05-03
19 min
රට කරවන හැටි Rata Karawana Hati
ඇඳිරි නීතිය | මෙට්‍රොපොලිටන් සංකල්පය #7
00:00 ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් මිනිස්සුන්ට වන අපහසුතා 04:37 මෙට්‍රොපොලිටන් සංකල්පය පරිසර හිතකාමීද නැද්ද?
2020-04-28
12 min
රට කරවන හැටි Rata Karawana Hati
Work-from-home | ඇඳිරි නීතිය ලිහිල් කලේ ඇයි #6
00:00 Work-from-home සංකල්පය 08:40 ඇඳිරි නීතිය ලිහිල් කලේ ඇයි?
2020-04-20
12 min
රට කරවන හැටි Rata Karawana Hati
චතුර අල්විස්, රවුෆ් හකීම්, උදයංග වීරතුංග හා crisis learning #5
චතුර අල්විස්, රවුෆ් හකීම්, උදයංග වීරතුංග හා crisis learning.
2020-04-09
25 min
රට කරවන හැටි Rata Karawana Hati
කොරෝනා වෙෙරසය සහ ලංකාව #4
කොරෝනා වෙෙරසය සහ ලංකාව
2020-03-28
14 min
රට කරවන හැටි Rata Karawana Hati
කොරෝනා | නවක වධය | රවී කරුනාණායක #3
00:00 කොරෝනා නිරෝධායනය Corona Quarantine 08:00 නවක වධය Ragging 14:10 රවී කරුනාණායක Ravi Karunanayaka
2020-03-13
18 min
රට කරවන හැටි Rata Karawana Hati
කැලෑ කැපීම | සෛන්දමරුදු | ජනාධිපතිවරණය #2
2020/03/04 පටිගත කරන ලද රට කරවන හැටි Podcast එකෙහි දෙවන කොටස.
2020-03-06
23 min
රට කරවන හැටි Rata Karawana Hati
අපි කවුද | කොරෝනා | බැඳුම්කර සිද්ධිය #1
2020 January 30 හි දී පටිගත කරන ලද රට කරවන හැටි Podcast එකෙහි පලමු කොටස.
2020-02-01
31 min